Skip to content

බලාගාර සහ EV

ඉන්ධන සහ ගල් අඟුරු පුච්චලා EV ආරෝපණය ආර්ථික පාඩුවක් යන බොරුව නිෂේධ කළ යුතුයි 🫵

ඉන්ධන කාර් වල පරිසර දුෂණයට වඩා ඇති විශාල පාඩුවක් රටට සහ අපේ සාක්කුවට කරනවා. සරලව කිව්වොත්, පෙට්‍රල් වාහනයකට රුපියල් සීයේ ඉන්ධන වලින් ගමන වැය වන්නේ රුපියල් 20 යි, ඉතිරි රුපියල් 80 කාර්යක්ෂමතා හානිය නිසා අපතේ 😦

ලංකාවේ energy mix අනුව ගාන හදමු.

පීක් එකේදී මෙගාවොට් 3,000 ක් විතර ඕනෙ ලංකාවේ ග්‍රිඩ් එක දවල්ට හිරු එළියෙන් 1,300 MW ක් විතර හදනවා.

සූර්ය බලය නැති වෙලාවට රටේ විදුලි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් එනම් 900 MW විතර දැන් හදන්නේ ආනයනික Fossil fuel පුච්චලා. ගල් අඟුරුවලින් 850 MW හැදිය යුතු නොරොච්චෝලේ ඊයෙ හැදෙන්නේ 650 ක් විතර. එතනම 200 ක් ලොස්.

සරල ගණනයක් කරමු: විදුලි රථ රෑට චාජ් කළොත් ඒවා ගන්න විදුලියෙන් 35% විතර චාජ් වෙන්නේ thermal oil වලින්. ඉතුරු ටික පරිස්සම් කළ යුතු ජල විදුලිය සහ Coal.

#PUCSL 2025 දත්ත අනුව ඒකකයක generation cost 15.61 LKR/kWh . ඒ Thermal-Oil ජනන වියදම යුනිට් එකකට LKR 80.66 /kWh වෙද්දි.

දැන් බලමු රෑට චාජ් කිරීමේදී රටට සහ අයිතිකරුට වැඩිපුර ලාභ පෙට්‍රල්කාර්ද එහෙම නැත්නම් EV ද කියල. මේකෙදි අපි 15 km/L කරන කාර් එකක් සහ 7 kM / kWh දුවන EV සසදමු, සම ප්‍රමාණයේ කාර්.

මසකට කිලෝමීටර් 3000 ධාවනය සඳහා (ඉහත දත්ත අනුව රාත්‍රී peak mix භාවිතයෙන්) ආනයනික ඉන්ධන ප්‍රමාණය සංසන්දනය කරමු. ආනයනික ඉන්ධන යනු imported petroleum products (petrol හෝ furnace oil / heavy fuel oil) ලෙස සලකමු.

  • ICE (km 15/L): 3000 KM අවශ්‍ය ඉන්ධන = 3000 ÷ 15 = 200 Lt .
  • EV (km 7/kWh): 3000 KM අවශ්‍ය විදුලිය = 3000 ÷ 7 ≈ 428.57 kWh.

රාත්‍රී generation mix එකේ thermal-oil කොටස ≈ 30%

එනම් EV charge කිරීමේදී භාවිත වන imported ඉන්ධන ප්‍රමාණය ≈ 428.57 kWh × 30% ≈ 128.5 kWh thermal-oil වලින් ජනනය වෙන්නේ.

Thermal-oil efficiency ≈ 35-40% (සාමාන්‍ය CEB thermal oil plants සඳහා), නමුත් සත්‍ය imported fuel ප්‍රමාණය ගණනය කිරීමට අපි භාවිත කළ රු. 80.66 /kWh ගණනය අනුව:

Furnace oil එකක energy content ≈ 10.5-11 kWh/liter (typical heavy fuel oil ≈ 40 MJ/kg ≈ 11.1 kWh/liter, density ≈ 0.95-1 kg/L).

Plant efficiency ≈ 38% (typical for oil-fired steam plants) → effective ≈ 4.2 kWh/liter.

එනම් thermal-oil වලින් ජනනය වන 128.5 kWh සඳහා අවශ්‍ය oil ≈ 128.5 ÷ 4.2 ≈ 30.5 Liters .

සංසන්දනය: මසකට km 3000 දුවන වාහන

Petrol car (ඉන්ධන රථය): ආනයනික ඉන්ධන (Petrol 92) = 200 ලීටර්.

EV (විදුලි රථය, රාත්‍රී mix එකෙන් charge කළහොත්): ආනයනික ඉන්ධන (furnace oil) ≈ 30 ලීටර් පමණ (thermal-oil කොටස මගින් පමණයි; අනෙක් කොටස hydro/coal වලින්).

ඉන්ධන රථ හිමියන් සහ රජය පිළිගන්න අකමැති සාරාංශය තමයි EV මගින් ආනයනික ඉන්ධන ප්‍රමාණය 85% + අඩු වෙනවා යන්න (200 ලීටර් → 30 ලීටර්).

ආර්ථික සහ පාරිසරික වාසි පමණක් නෙමෙයි රටට විදේශ විනිමයක් ඉතිරි වෙනවා. බදුත් එක්කම බැලුවොත් petrol ලීටර් එකකට රු. 317 (pre hike) පමණ වියදම් වෙනවා, furnace oil ලීටර් එකකට රු. 180-200 පමණ.

ආනයන බදු ආදායම ලාභයක් විදියටම ගන්න බෑ, ඒක වෙනම කතා කරමු.

මසකට km 3000 ධාවනයට ICE burns 200 lt petrol.

විදුලි රථය (සූර්ය බලය නැති රෑට ආරෝපණය කියලා විතරක් හිතුවත්) ආසන්න වශයෙන් 30 ලීටර් imported oil පමණයි.

දවල් solar-heavy mix එකක චාජ් කළොත් EV නිසා රටට සහ අපේ සාක්කුවට වෙන වාසි almost අප්‍රමාණයි!

හැබැයි මේක ඉබේ වෙන්නේ නෑ. ආර්ථික වාසි නැතුව මේ වගේ දේවල් කරන අය ලංකාවේ අඩුයි. රජය කළ යුතු දේ නම් වහාම උදේ නමයේ සිට හවස හතර දක්වා Solar Peak EV tariff එකක් ක්‍රියාත්මක කිරීමයි. ToU කියලා අපි හදාගෙන ඉන්න night off peak වහා වෙනස් කළ යුතුයි. Smart meter ආදිය ලෝකෙට තියා රටටත් අලුත් දේ නෙමේ.

ඊළඟට වෙන තව අතිවිශාල වාසියක් රෑට චාජ් කිරීමේ අවශ්‍යතාව පවා නැතිවීම, එනම් මේ වෙන්නේ අපි හැමදාම කරගන්න දඟලන load shifting.

මේවා rocket science නෙමේ, අපි හැමදාම කියපු කතා. ඒ උනාට රට යට වෙලා ඉන්නේ තෙල් කාක්කන්ගේ බොරු මත වලට.

ඉංජිනේරුවොත් මේවා දන්නවා. නමුත් කතා මිස කවුරුවත් ක්‍රියාත්මක වුණේ නෑ. ජනාධිපති වරයා මේ මාතෘකාව කරලියට ගෙනාව 300 MW රෑට චාජ් කලොත් වැය වෙනව කියල (March 2026), කතාව වැරදියි , නමුත් නිලධාරීන් දැන් දැනගත යුතුයි ඉක්මනින් වැඩට බහින්න, රට දැනුවත් කරන්න, නිවැරදි දේ කරන්න, දිවා කල ආරෝපණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස කරන්න සහ සැලසුම් හදන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *