Skip to content

Services – EV PHEV

EV PHEV Service Maintenance වලට හොඳ කවුද කියල EV group එකක ප්‍රශ්නනෙකට Mobility Alliance / #eMotion හොඳයි කියල බොහෝ අය කියලා තිබුණා. ඊට ස්තුතියි 💚🙏

ඒ තත්වය ලැබෙන්න හේතු පැහැදිලි කළ යුතුයි.

* පිළිගත් විශ්වවිද්‍යාල වලින් මෝටර් රථ ඉංජිනේරු ශිල්පය සම්බන්ධ Bsc උපාධි සහිත පූර්ණකාලීන ශිල්පීන් කළමනාකාරීත්වය දරණ සහ මෙහෙයවන ලංකාවේ එකම ආයතනය.

* සියලු jobs නිසි පුහුණුව සම්පූර්ණ කළ පූර්ණකාලීන තාක්ෂණ ශිල්පීන් අතින් සිදුවීම. Trainees වැඩ පුරුදු වීමට පමණක් සිටීම.

* CGTTI වැනි ලංකාවේ ප්‍රධානතම මෝටර් රථ පුහුණු ආයතන වල පවා සිසුන් EV පුහුණුව සඳහා යොමු කෙරෙන ආයතනයක් වීම.

* කුඩා දරුවන්ට පවා EV පිළිබඳ සරල අධ්‍යායන වැඩසටහන් පැවැත්වීම.

* නවීන මාදිළිවල diagnosis සහ repair වලදී නිෂ්පාදකයාගේ ගෝලීය දත්ත පරිහරණය සහ ඒ අනුව ක්‍රියාත්මක වීම.

* Prevention සඳහා මුල් තැන දීම. මුදල් ඉතිරි කරමින් නිෂ්පාදකයා විසින් නියම කළ දේ පමණක් execute කිරීම.

* ආයතනයේ හිමිකරුවන් ගනුදෙනුකරුගේ මිල ගණන් තීරණ කිරීමට සම්බන්ධ නොවෙන එකම ආයතනය. සියල්ල system based costs සහ competitiveness මත කළමනාකරුවන් මඟින් නියම වෙන මිල.

* EV, බැටරි සහිත විදුලි රථ පිළිබඳ විශේෂිත ආයතනයක් ලෙස වසර දහයක පලපුරුද්ද.

* සියලුම සේවා සඳහා වගකීම.

* ලබා දෙන සේවයේ වෙළඳපොළ වටිනාකම මත නොව 90%+ සේවා සහ අලුත් වැඩියා සඳහා flat rate labor මත සේවය ලබා දෙන එකම ආයතනය වීම.

* Total transparency in job execution and billing, අවංකභාවයට සහ වගකීමට පළමු තැන දීම.