පළමු පාපැදි තරගය

පැවැත්වුනේ 1950 දි. රාජ්‍ය චිත්‍රපට අංශයෙන් කරපු වටින කෙටි චිත්‍රපටියක්.
මේ ඒ ගැනම නෙවෙයි, අප මතුකරන්න යන කතාව වෙනස්. කණගාටු හිතෙනවා ඒ අනර්ඝ විස්තර ප්‍රචාරයේදී කියන දේ අහනකොට. පාපැදියේ අගය, ඇති නැති පරතරය නැති කිරීමේ මාධ්‍යයක් වගේම මුදල් බාධාවක් කර නොගෙන හැම කෙනෙකුටම සහභාගි වීමේ හැකියාව.

තරඟයට දෙදහකට වැඩි තරගකරුවන් සහභාගි වුණා. ආරම්භය රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් අවසානය ගාලුමුවදොර පිටියෙන් සැතපුම් 30 ක දුරක් ගත කරල. ජයග්‍රාහකයා පන්නිපිටියේ ගුණරත්න, පදින්නේ standard පාපැදියක්. සාමාන්‍ය ඇඳුමෙන්. ඒ ඒ කාලයේදී වුණත් ක්‍රීඩා ඇඳුමෙන් සැරසුණු ක්‍රීඩා පාපැදි පාවිච්චි කරපු අය සිටිය දී. ගුණරත්නගේ ක්‍රීඩා විලාශය වුණත් කාර්යක්ෂම නැහැ.

නමුත් අවසානයේ ලස්සනට සහ තාක්ෂණයට වඩා ජයග්‍රහණය කළේ පුහුණුව සහ ශක්තිය. ගුණරත්න දවස ගානේ සැතපුම් 25ක් වැඩට යන්න එන්න පාපැදිය පාවිච්චි කළ කෙනෙක්. හැතක්ම 30ක තරගය ඔහුට දැනුනෙ වත් නැත්තේ ඒකයි.

Advertisements

තරඟයේ අනුග්‍රාහකයා සර් ජෝන් කොතලාවල, අගමැති ඩී එස් සේනානායක මහත්මයත් ්‍රධාන අමුත්තෙක්. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අග්‍ර විනිශ්චයකාරවරයා කියනවා මේ ක්‍රීඩාව සහ තරගය රටේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල විය යුතු බව. නමුත් අපි එච්චර වාසනාවන්ත වුණේ නෑ.

මේ වගේ සුළු තත්ත්වයෙන් තමයි ප්‍රංශ පාපැදි ශූරතාවය ආරම්භ වෙන්නේත්. අවාසනාව ඒගොල්ලො ඒ දුර ගියා, අපි මග නැවතුනා. අතිවිශාල ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම් සහ ඇඳුම් දිහා බැලුවම පේනවා ඒ දිනවල අපේ හැදියාව සශ්‍රීකත්වය.

එදා සිට අද දක්වාත් ටුවර් ඩි ලංකා සහ තවත් තරංග පැවැත්වුනා. රටේ හොඳ ධාවකයන් බිහිවුණා, මොරිස් කුමාරවේල්, බොනිෆස් පෙරේරා, සුමනවීර වැනි. නමුත් පාපැදිය අපේ ජීවන රටාවන්ගෙන් ඈත්වුනා හෝ ඈත්කලා.

එදා ජීමී බරෝචා විස්තර විචාරයේදී වුණත් ඉස්මතු කරනවා සෞඛ්‍යයට පාපැදි භාවිතයේ ඇති වැදගත්කම. නමුත් අවාසනාවකට මෙන් අපි නිවාරණ ක්‍රියාමාර්ග ගන්නේ නෑ අවුරුද්දකට බිලියන 800ක් රජයේ මුදල් ලෙඩ සනීප කරන්න වියදම් කරනවා විතරයි, ලොව වඩාම බෝනොවෙන රෝගවලට මුහුණ පාන ජාතියක් විදියට.

ස්තුතිය : රාජ්‍ය චිත්‍රපට අංශයට