Skip to content

Solving Leaf Battery Shortage

දැනට ලංකාවේ භාවිතාවන විදුලි වාහන වල පැවැත්ම උදෙසා අවශ්‍ය බැටරි හිඟය මත විශාල ගැටළුවක් මේ අවස්ථාවේ පැන නැගී ඇත. මෙය පරිසර හිතකාමී රථ  ප්‍රවර්ධන ගෝලීය දර්ශක තුල  ශ්‍රී ලංකාව අති  විශාල පසුබෑමකට ලක්කර  ඇත. 

මෙයට හේතුව වශයෙන් අප ප්‍රධාන කරුණු දෙකක් හදුනාගන ඇත. 

  1. අලුත් බැටරියක (24 kWh) ගෝලීය මිළවන ඩොලර් 10,000 සීමාව (දේශීයව මෙය රුපියල් මිලියන තුන ඉක්මවන බව දේශීය නියෝජිතයන් පවසා ඇත) දේශීය විදුලි රථ හිමියන්ට දැරිය නොහැකි වීම සහ දේශීය ඒජන්ත එම බැටරි ආනයනය නොකිරීම. 
  1. ජපානයේ හෝ යුරෝපයේ මිළදී ගතහැකි, දේශීය භාවිතයට සුදුසු, තවත් වසර පහකට වඩා භාවිත කල හැකි බැටරි ඇතත් ඒවා ආනයනයට ඇති ක්‍රියාපටිපාටීන්ගේ ගැටළු.

පහත දක්වා ඇති යෝජනා එම ගැටළු ඉවත්කර ගැනීමේ ප්‍රයත්නය උදෙසා වේ. ප්‍රථමයෙන් අප පසුබිම් කරුණු කීපයක් දැක්වීමට කැමැත්තෙමු.


විදුලි වාහන, ගෝලීය ව්‍යාප්තිය සහ දේශීය පියවර.

සියලු ප්‍රධාන ධාරාවේ වාහන නිෂ්පාදකයන් විදුලි වාහන නිෂ්පාදනයට අවතීර්ණව ඇති අතර 2016 වසරේ මිලියන දෙකක් වූ මුළු වාහන ප්‍රමාණය 2019 වනවිට මිලියන හය ඉකමවනු ඇත.

මෙය වසර තුනකදී ගෝලීයව 300%  වර්ධනයක් වන අතර ශ්‍රී ලංකාවේ මෙම ත්‍රිත්ව වාර්ෂික වර්ධන වේගය 5% වඩා අඩුවේ. ( 2016 සිට 2019 දක්වා)

මේ සඳහා කිලෝවොට් සියයට වඩා වැඩි බලපන්තිවල බදු අධිකබව බලපෑවද විශාලම හේතුව වී ඇත්තේ දැනට රටතුල ඇති විදුලි වාහන පන්දහසක් පමණ වන ප්‍රමාණයට අවශ්‍යවන බැටරිවල හිගය නිසා ඇතිවූ බිය නිසාවෙන් නව මිලදීගන්නන් පසුබැසීමයි .

පසුගිය වසර කිහිපයේම මුදල් අමාත්‍ය වරුන් ඉදිරිපත්කල වාර්ෂික අයවැය වල විදුලි වාහන සඳහා වන ඉලක්ක ප්‍රකාශයට පත්කරනලද අතර දැන් අප දක්නා දර්ශක ඉන් හාත්පසින්ම වෙනස් තත්වයක් පෙන්වයි.

මේ තත්වය රජයේ ප්‍රකාශිත ඉලක්කය වන 2040 වනවිට සියලු වාහන පොසිල ඉන්ධන භාවිතයෙන් තොරකිරීමට සහ 2030 වනවිට රජයේ වාහන විදුලි වියයුතු තත්වය කරා යාමට ඇති ඇති විශාල බාධාවකි.

විදුලි වාහන පිළබඳ විශ්වාසය බිඳවැටීමට බැටරි හිඟය ප්‍රධාන වශයෙන්ම බලපෑ අතර ශ්‍රී ලංකාවට භාවිතා කරන ලද විදුලි වාහන බැටරි ගෙන්වීම දැනට නිසි පරිදි සිදු නොවේ. 


බැටරි අවශ්‍යතාවය

ලංකාවේ භාවිතා වන සමස්ත විදුලි වාහන ප්‍රමාණය 4500ක් පමණ වන අතර ඉන් 2000ක පමණ බැටරි මාරු කිරීමේ අවශ්‍යතාව පන නැගී ඇත. මේ සඳහා අලුත් බැටරි ලබාගැනීමේ හැකියාවක් නොමැති අතර ඉහත දැක්වූ හේතූන් මත එහි පවත්නා මිළ පවා දේශීයව දැරිය නොහැකි වී ඇත.

නිසාන් ලීෆ් රථ සඳහා බැටරි බාහිරව නිෂ්පාදනයට බොහෝ ගෝලීය ආයතන පවා ප්‍රයත්න දැරුවද එහි තාක්ෂණික සහ ආරක්ෂක හේතු මත ව්‍යාපාරික වශයෙන් සාර්ථකව කළ නොහැකි බව සනාථ වී ඇත.

තිබෙන එකම ප්‍රයෝගික විසඳුම භාවිතා කරන ලද බැටරි විදේශ රටකින් ගෙන්වීම පමණි. මෙය කළහැකි වන්නේ ජපානය නවසීලන්තය, ස්කන්දිනේවියව වැනි රටවල විශාලත්වය සහ අවශ්‍යතා මත ඔවුන් 80% ප්‍රමාණයේ බැටරි නව වඩාත් විශාල ප්‍රමාණයේ බැටරි වලට හුවමාරු කිරීම නිසායි. මෙම භාවිතා කල බැටරි දැනටත් එම රටවල සිට යුරෝපයට සහ වෙනත් රටවලට අපනයනය කෙරේ.


බැටරි නැවත භාවිතය

විදුලි වාහනයක ඇති ලිතියම්අයන් බැටරිය වාහනයේ වසර අටක් දහයක් පමණ කාලයක් භාවිතා වන අතර ඉන් ඉවත් කිරීමෙන් පසු එය නිවාස සහ ව්‍යාපාරවල සූර්ය බල පද්ධති සඳහා විදුලිය ගබඩා කිරීමට තවත් අවුරුදු 10 ක් පමන කාලයක් භාවිතා කල හැකිය. 

මෙය දැනට පැනනැගී ඇති බලශක්ති අර්බුදය සඳහාද වඩාත් ප්‍රයෝගික විසඳුමක් වනු ඇත.

A picture containing table, indoor, sitting

Description automatically generated

සුනීත්‍ය බලශක්ති අතිරික්ත ජනන අවස්ථාවේදී ගබඩාකිරීම සහ අධිඅවශ්‍යතාවයේදී මුදාහැරීම ගෝලීයව ඉතාමත් ප්‍රායෝගිකව දැනටමත් සිදු වේ. ( Load shifting and Peak shaving). ඊට අමතරව මෙම ක්‍රියාදාමයේ වාසි විශාල ප්‍රමාණයක් ඇත.

  • Load shifting and Peak shaving of energy.
  • Time delay for new/enhanced technology
  • Cost reduction of EV battery replacements
  • Mitigate environmental damage of any heavy metal substances
  • Saving forign reserves on recycling and purpose built solar battery imports.
  • Commercial benefits / Sustainability

ජාතික මට්ටමේ වාසි ලැබෙන මෙම ක්‍රියාවලිය සඳහාද වාහනයේ පාවිච්චියෙන් ඉවත්වන විදුලි වාහන බැටරි අවශ්‍ය වී ඇත. නමුත් දැනට යාහැකි දුර කිලෝමීටර් පනහට සීමා වුවද රට තුලට එන ට්‍රැක්ෂන් බැටරි නොමැතිවීම හේතුවෙන් නිවාස සහ කාර්යාලවල බලශක්ති ගබඩාකිරීමට බැටරි නොලැබෙන තත්වයක් උදා වී ඇත.

වසරකදී (2022) බැටරි මාරුකිරීම අවශ්‍යවන වාහනවල ( ලීෆ් 2000 පමණ) ඉතිරිව ඇති කිලෝවොට් පැය දහයක පමණ ධාරිතාවේ සම්පූර්ණ අගය මෙගාවොට් 20 ඉක්මවයි.

මේ අති සාර්ථකව බලශක්ති ගබඩාකිරීම සඳහා යොදාගත හැකි සුනීත්‍ය ක්‍රියාදාමයකි. එනම් දැනට රට තුල ඇති විදුලිරත වලින් ඉවත්කෙරෙන බැටරිවලින් පමණක් වසර තුනක් තුල මෙගාවොට් 50 ක බලශක්තියක් ගබඩාකිරීමට (සූර්ය හෝ ජලවිදුලි)  හැකියාවක් ලැබෙනු ඇත.

මේ කාර්යයෙන් පසුව මෙම බැටරි ප්‍රතිචක්‍රීයකරණය සඳහා අපනයනය කල හැකි අතර එමගින් කිසිඳු අපද්‍රව්‍යක් ලංකාව තුල බැහැර වීමක් සිදු නොවේ. දැනටම මේ ක්‍රියාවලිය සිදු කරමින් පවතින මුත් තාක්ෂණයේ දියුණුව අනුව මීළඟ වසර කිහිපය තුල ප්‍රතිචක්‍රීයකරණය පිලිබඳ ක්‍රියාදාමද වෙනස්වනු ඇත.


පවත්නා නීති සහ ආනයන ගැටළු.

විදුලි වාහන භාවිතය දිරිමත් කිරීම මගින් වායු දූෂණය අවම කර පරිසරය සුරැකීමට මෙන්ම පොසිල ඉන්ධන සඳහා වන අධික පිරිවැයද පාලනය කලහැකිවනු ඇත. 

භාවිතා කරන ලද ලිතියම් අයන බැටරි ආනයනය පිලිබඳ ක්‍රියා පටිපාටි තීරනයව ඇත්තේ බාසල් සම්මුතිය මත බව අප පරිසර අමාත්‍යාංශය සමග පැවති  සාකච්චා වලදී හෙළිවී ඇත. 

කෙසේ නමුත් බාසල් සම්මුතිය තුල ලිතියම් අයන් බැටරි රටවල් අතර ප්‍රවාහනය සම්බන්ධයෙන් පැහැදිලි නිගමන දක්නට නොලැබුණි.   නමුත් මෙම  තහනම ගැටලුව උග්‍රකිරීමට මෙන්ම  නීති විරෝධී ආනයන සහ වෙළඳපොළක් නිර්මාණය වීමට හේතු වී ඇත.

මෙහිදී දැක්විය යුතු විශේෂිත කරුණක් වන්නේ විදුලි රථ වල භාවිත ලිතියම් අයන බැටරි හයිබ්‍රිඩ් රථවල භාවිත NiCD හෝ NiMH බැටරි වලට වඩා වෙනස් බවත් බැර ලෝහ අඩංගු නොවන බවත්ය.

දැන් ශ්‍රී ලංකා රේගුව ලිතියම් අයන් බැටරි සඳහා වෙනම HS කේතයක් හඳුන්වා දී ඇතත් බේසල් සම්මුතිය සඳහන් කරමින් දක්වා ඇති ආනයන පාලන පාවිච්චිකළ බැටරි ආනයනයට ගැටළු පැනනැගී ඇත. 

මේ සම්බන්ධයන් අප රජයේ අමාත්‍යංශ සමග පැවති සාකච්චා වලදී මේ ගැටලු ඔවුන් අවබෝධ කරගෙන  බැව් පැහැදිලි වූ අතර සාධනීය විසඳුමක් උදෙසා උත්සාහ කරන බව පැහැදිලි විය.


යෝජනාව

පූර්ණ විදුලි රථ සඳහා භාවිත වෙන වරක් පාවිච්චිකළ, නිෂ්පාදිත වර්ෂයේ සිට වසර අටකට වඩා අඩු, ලිතියම් අයන් බැටරි ආනයනය සඳහා ඇති බාධාවන් ඉවත් කිරීම.

ජපානය, නවසීලන්තය, ස්කන්දිනේවියානු රටවල් වැනි නිසි තත්වයන් තුල භාවිත බැටරි එහි ධාරිතාවෙන් 70% වඩා ඉහල තත්වයන් රඳවා ගන්නා බව තහවුරුවී ඇත.

පරිසර සුරක්ෂිතතාවය උදෙසා නීති පැවතිය යුතු බව විදුලි රථ ප්‍රවර්ධනය කරන්නන් ලෙස  අප එකහෙලා පිළිගනිමු. විදුලි රථ භාවිතයේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේද ගෝලීය උණුසුම, වායු දුෂණය සහ පාරිසරික හානි අවම කිරීමයි. එම නිසා ආනයනය සම්පුර්ණයෙන් විවෘත කල නොහැකි නම්  ආනයන නීති ලිහිල් කිරීම පාලනය කිරීම සඳහා අප පහත ක්‍රියාපටිපාටීන් රාජ්‍ය ආයතනවල අවධානයට යොමු කර ඇත.


ආනයන පාලන ක්‍රමවේදය

  1. විදුලි වාහන හිමියන් තම බැටරිය සියයට පනහකට වඩා ක්ෂයවී ඇති බවට සහතිකයක් ඉලෙක්ට්‍රොනිකව ලබාගත යුතුය. මෙම සහතිකයේ වාහනයේ චැසි අංකය (VIN) සටහන්විය යුතුය. මෙයට දැනට රටතුල පහසුකම් ඇත.
  2. මෙම වාර්තාවසහ විදුලි රථ සංගමයේ ලිපියක් රථයේ හිමිකරු ආනයන පාලක වෙත අදාළ ආනයන ඉල්ලුම් කිරීමේ පෝරමය (දැනට ඇති ක්‍රමවේදයකි) සමග ඉදිරිපත් කලයුතුය.
  3. ආනයන පාලක මේ අනුව මේ වාහනය සඳහා බලපත්‍රයක් නිකුත් කෙරේ (මේ සඳහාද දැනට රජයේ ක්‍රියාපටිපාටියක් ඇත)
  4. මෙම බලපත්‍රය භාවිතයෙන් අදාළ පාවිච්චිකළ බැටරියක් දැනට ප්‍රකාශිතව ඇති HS කේත යටතේ බදු රහිතව ආනයනයට (පව්ද්ගලිකව හෝ පිළිගත් ආනයනකරුවෙකු මාර්ගයෙන්) ඉඩ සලසාදිය යුතුය.
  5. බැටරිය මාරුකිරීමෙන් පසු ඉවත්කළ බැටරිය අදාළ දෙවැනි භාවිතයට යොදවන්නා එහි අනු අංක (සීරියල් අංක) සඳහන්කල සහතිකයක් විදුලි රථ හිමියා වෙත ලබාදිය යුතුය. අවශ්‍යනම් මෙහි පිටපත් පරිසර අමාත්‍යාංශයට සහ ආනයන පරිපාලක වෙතද යැවිය හැකිවනු ඇත.

මෙම සම්පූර්ණ ක්‍රියාපටිපාටියම අවශ්‍යවිට රජයට ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කලහැකිවා මෙන්ම කාර්යක්ෂමව පසු විපරම් කලහැකිවනු ඇත. එමෙන්ම මෙය පවත්නා නීති රාමු සහ ක්‍රියාපටිපාටි තුල ඇති බව අප විශ්වාස කරමු.


රජයේ ආර්ථික වාසිය

විදුලි රථ ප්‍රවර්ධනයට, විදුලි රථ හිමියන්ගේ ගැටළු විසඳීමට අමතරව පුනර්ජනනීය බලශක්ති ගබඩා කිරීම සඳහා වන බැටරි ආනයන වියදම ඉතිරිය රජයට රටට ඇති විශාල වාසියක් වනු ඇත. මෙහිදී රජයට කෙලින්ම ලැබෙන මුදල්මය ඉතිරිය රුපියල් බිලියන 2.5 ඉක්මවනු ඇත.

මේ වක්‍රව ලැබෙන තවත් බොහෝ, වඩාත් විශාල වාසි වලට අමතරවයි!

Direct Economic benefit to the Country, Environment and the Society as a whole

Storage over 50 MW helping the grid for Load Shifting and Peak Shaving @ NO COST to the Government. There are several other quantitative and qualitative benefits to be calculated.

Estimated Commercial Value:

200S per kWh x 50 mW =  10M USD (Major on forign reserves)

A cost saving of 2.5 Billion LKR

රට තුල ඇති විදුලි රථ සඳහා ඉක්මන් විසඳුමක් ලබා ගැනීමට නොහැකි වුවහොත් මෙම මෝටර් රථ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට සිදු වන ඇති අතර ශ්‍රී ලංකාව තුල විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය විශාල පසුබෑමකට ලක්කරනු ඇත.

භාවිතා කළ ලිතියම් අයන් බැටරි ආනයනය කිරීමට පහසුකම් සැලසීම ශ්‍රී ලංකාව තුළ  විදුලි වාහන ප්‍රවර්ධනයට එරෙහි විශාලම බාධකය විසඳිමට සහය ලබා දෙන අතරම රටේ බලශක්ති ගැටලුව විසඳීමටද අමිල සහයක් ලබාදෙනු ඇත.

ලිතියම් අයන්, බේසල් සම්මුතිය සහ බැරලෝහ ගැන තවත් කරුණු:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *