හුඟදෙනෙකුට විදුලි රියක් පාවිච්චියේදී හෝ ආයෝජනය කිරීමේදී වුවත් හිතෙන දෙයක් බැටරි ක්ෂයවීම සහ මිළ. මේක අනවශ්‍ය බයක් ලෙසයි අප දකින්නේ. නමුත් එහෙම හිතන්න හේතු නැතුවම නෙමෙයි විදුලි රථ බැටරි බලාපොරොත්තු වුවාට වඩා වේගයෙන් ක්ෂයවීම නිසා.
අනෙත් රටවලට වඩා වේගෙන් ලංකාවේ භාවිතා වුනු EV බැටරි ක්‍ෂය වුණ බව අප දන්නවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එයට හේතුව අපේ උෂ්ණත්වය බවයි. ගෝලීය දත්ත පරීක්ෂාවේදී මෙහි සත්‍යතාවය බොහෝ දුරට පිළිගත හැකියි. නමුත් උෂ්ණත්වයටත් වඩා වැරදි භාවිතය එයට හේතුවූ බව අප නිරීක්ෂණය කර තිබෙනවා. එමෙන්ම අපේ ඉහල උෂ්නත්වා පරාස බැටරියේ වෙනත් දුර්වලතා තීව්ර කර තිබෙනවා.
ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය ලිතියම් බැටරිවලට සුදුසුම තත්වයන් නෙමෙයි. නමුත් මධ්‍ය උෂ්ණත්වය අතිශයින් වැඩි ඇරිසෝනා, ඕස්ට්‍රේලියා ආදී ප්‍රදෙස මෙන්ම අප හා සමාන තායිලන්තය වැනි රටවලත් ලීෆ් බැටරි අපට වඩා හොඳින් පාවිච්චි වෙනවා. නමුත් මුල් යුගයේ EV battery තාක්ෂනය පවා ඊට හේතු වෙන්න ඇති. විශේෂයෙන්ම Active Colling පද්ධතියක් නැති රථ වල.
Active cooling පද්ධතියෙන් බලපුරොත්තු වන්නේ traction battery නියමිත උෂ්ණත්වයේ පවත්වාගනීමයි. මෙය බැටරි කල්පවත්වීමට හේතු වුනත් බොහෝ විදුලි රථවල සිසිලන පද්ධති ක්‍රියා කරන්නේ ආරෝපනයෙදී සහ ACC / Ready අවස්තාවලදී පමණක් නිසා නවත්වා තැබීමේදී බැටරි උෂ්ණත්වය වැඩිවීමට ඉඩ තිබෙනවා , ලංකාවේ පරිසර උෂ්ණත්වය 30 C ඉක්මවන නිසා.

බැටරි ක්ෂයවීමට විශාලම හේතුවක් වුනේ නොවැලැක්වියහැකි පාරිසරික හේතුවලට වලට වඩා අපේ නොදන්නාකම සහ වැරදි පුරුදු නිසා! බොහෝ අය විදුලි රථ පාවිච්චි කලේ ජංගම දුරකථන චාජ් කරන විදියට. අවම වශයෙන් නිෂ්පාදකයාගේ අත්පොත වත් බලන්න උනන්දුවුනේ නෑ. වේග ආරෝපණ නරකයි කියල හිතන, long life battery setting ගැන නොදන්නා අය තවමත් ඉන්නවා.
ලීෆ් වලින් ගන්න පුළුවන් සේවයට ප්‍රයෝජනයට වැඩිය බලාපොරොත්තු වීමත් ලොකු වැරද්දක් වුනා. ඒත් අමතක කරන්න එපා වයස වසර අටක් වුනත් බැටරි බාර් අටක් ඉතුරුව කිලෝමීටර් ලක්ෂය පසුකල ලීෆුත් ඒවගේම 200,000 සීමාවේ තියන ඒවත් තියනබව. බාර් තුනක්, කිලෝමීටර් 100 ක හරි රේන්ජ් එකක් තියන කාරෙකකින් වුනත් ගතහැකි ප්‍රයෝජනය ඉතා ඉහළයි අපේ වගේ රටක සාමාන්‍ය අවශ්‍යතා මත.
මෙහිදී අප විශේෂයෙන් සැලකිය යුතු තවත් දෙයක් තියනවා. මුල් වසර කිහිපය (2010 සිට 2013 දකවා) ලීෆ් මෙන්ම වෙනත් විදුලි රථ බැටරි තාක්ෂණයේ මුලම වසරවල්. තාක්ෂනය දියුණුවුණේ භාවිතයේදී ලැබුණු අත්දැකීමුත් එක්ක, අපි ඇත්තටම Guinea Pig, (පරීක්ෂණාගාර මීයෝ) වුනා.
නමුත් 2013 සැප්තැම්බර් සිට ලිසාඩ් බැටරිය හදුන්වාදීමත් සමග තත්වය වෙනස්වුනා. ලීෆ් බැටරියේ පරිනාමය වේගවත්, 2017 සිට 40 kWh බැටරිය හඳුන්වාදීමත්, 2019 සිට එහි chemistry වෙනස්වීමත් ආයු කාලය වැඩිවීමට හේතුවුනා. 2024 වෙනතුරුත් නිසාන් ලීෆ් බැටරිය නිර්මාණය වෙන්නේ Active Cooling System එකක් නැතිව. මේ ගැන වඩාත් දැනගන්න බැටරි පරිනාමය ගැන ඇති ලිපිය කියවන්න.
EV තෝරාගැනීමේදී ඔබේ භාවිතය ගැන සැලකිලිමත් වන්න. බැටරි ධාරිතාවයෙන් 25% වත් දෙයිනිකව භාවිත වීම අවම අවශ්‍යතාවක් ලෙස සැලකිය හැකියි. EV range එක සති අන්තයේ ගමනට හෝ මාසික ට්‍රිප් එකට ගැලපෙන පරිදි විතරක් තෝරාගන්න එපා. ඔබේ degradation වැඩිවිය හැකියි අඩු ධාවන තත්ත්ව තුලදී .
EV බැටරි කල්පැවැත්ම වෙනුවෙන්
- SOC පුළුවන්තරම් බාගෙට අඩුවෙන් තියාගන්න. SOC 30% ~ 50% අතර තියල තියන එක තමයි හොඳම.
- 80% වලින් ආරෝපණය නවත්වාගන්න, දුරගමනක් තියෙද්දි විතරක් 100% charging යන්න.
- කොයිම වෙලාවකවත් චාජ් කරල තියල තියන්න එපා, ගමන පිටත්වෙන්න පෙර චාජ් කරන්න. හදිසි ගමනක් යෙදුනොත් DC චාජරයකට යන්න.
- හැකිතරම් බැටරිය සිසිල් වූ විට ආරෝපණය කරන්න. රාත්‍රිය ඉතා හොඳයි. අව්වෙ නැවැත්වීමෙන් වලකින්න.
- දවසේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගෙදරින් චාජ් කරගන්න, දවස ඉවරවෙද්දි 30% වෙන විදියට.
- Deep Discharge එපා, පුළුවන්තරම් 30% වෙනකොට DC fast charge කරගන්න, ඉතුරු දුරට. වේග ආරෝපණ අවශ්‍යවිට කලයුතුයි, ඒක නොකර කොහොම හරි ගෙදර යන්න හිතාගෙන ගියොත් වෙනහානිය වඩා වැඩිවෙයි.
- කෙටි චාජ් වාර හොඳ වගේම සතියකට වරක් පමණ නිවසේදී සම්පුර්ණ චාජ් එකක් දෙන්න, සෙල් බැලන්ස් වෙන්න. මෙය අවම මසකට වරක්වත් කරන්න.
- උෂ්ණත්වය බාර් හයකට හෝ අඩුවෙන් තියාගන්න ධාවනයේදීත්, අඩුවුණ තරමට හොඳයි. පුළුවන් තරම් රෑටම චාජ් කරන්න. වැඩි වෙනවනම් හේතුව පරීක්ෂාකරගන්න.
- ධාවනය කාර්යක්ෂම වුන තරමට බැටරියට හොඳයි. kWh එකකින් හැකි උපරිම දුර යන්න උත්සහකරන්න. (හෙමින් යාම ගැන නෙමේ මේ කියන්නේ) ක්‍රමානුකූල ත්වරණය අත්‍යවශ්‍යයි. කාර්යක්ෂම ධාවනය ගැන වෙනම ලිපියක් ඇති .
- ඔබේ කාර්යක්ෂමතා මීටරයේ පෙන්වන දත්ත ගැන සැලකිලිමත් වෙන්න.
- මාස හයකට සැරයක් කරන සර්විස් එකේදී බැටරි ස්කෑන් එකත් කරන්න. සෙල් බැලන්ස් තත්වය සහ ක්ෂයවීම් පරිමාණය දැනගැනීම අතිශයින් වැදගත්.
- ඔබේ Car Porch ලෙස සිසිල්, සෙවන සහිත හොඳින් වාතාශ්‍රය ඇති තැනක් තෝරාගන්න.
- බැටරියේ සව්ක්‍යය අඩුවනවානම් ව්‍යායාම කරවන්න. සම්පූර්ණ දුර ධාවනය කර DC චාජ් එකක් දෙන්න. ඉන්පසු නිවසේ සම්පුර්ණ චාජ් කරලා ධාවනය කරන්න. මේ වගේ ළඟ ළඟ කිහිප වරක් කරන්න.
- සෙල් මාරුකිරීම් මොඩියුල් මාරු කිරීම්, BMS/LBC රිසෙටින් බොහෝවිට ඔබේ මුදල් නාස්තිකරන වැඩ වෙයි. මේ පිළිබඳව කිවහැක්කේ පැරණි සහ යාවත්කාලීන ස්කෑන් වාර්තා මත පමණයි. ඔබ වැටී ඇති තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන අය ඉන්නවා.
- බැටරියේ රිසර්ව් කැපසිටි එක භාවිතයට විවෘතකිරීම කොහෙත්ම නොකලයුතුයි.
ගෝල්ඩන් රූල් එක, බැටරිය වසර පහකට වඩා පැරණි නම් ඔබට දයිනිකව භාවිත කළහැකි කැපසිටි එකෙන් භාගයයි. හිතේ තියාගන්න 80:30 නීතිය.
එමෙන්ම ඔබ අලුතින් බැටරියක් සවිකලා නම් එය මාස තුනකට වරක්වත් සැපයුම් කරුගේ පරීක්ෂාවට ලක්කරවන්න, එහි භාවිතාව සහ හැසිරීම අධ්‍යනය කර නිසි precautions සඳහා.
DCFC භාවිතයේදී ඔබේ Temp බාර් ගැන අවධානයෙන් සිටින්න. වේග අරෝපනයෙදී බැටරි උෂ්ණත්වය බාර් 8 න් ඉහලට යනවානම් වේග ආරෝපණය නැවත්වීම වඩාත් සුදුසුයි. 10 න් ඉහලට, එනම් රතු සීමාවට යාම බැටරියට නැවත හැරවිය නොහැකි හානි සිදුකල හැකියි.
බැටරි ආනයනය ගැන.
මේ උපදෙස් ඔබේ ධාවන අවශ්‍යතාවන්ට ගැලපෙන්නේ නැත්නම් කියවන්න;
වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා.

To write of the battery refurbishment program
I wont buy a battery
Most important details