Skip to content

ඊපැදි දැන ගමු 🚴‍♂️

ඊපැදි, නොහොත් eBike ප්‍රභේදය වෙන්කර හදුනාගැනීම බොහෝ අයට තාම පටලැවිල්ලක් වගේ පේන්නෙ.
පාපැදි එහෙම නැත්නම් බයිසිකල් කියන්නේ යුරෝපෙ, ඇමරිකාවෙ, ජපානෙ චීනේ වගේම දියුණුවෙන ලෝකයේත් බොහොම ජනප්‍රිය ප්‍රවාහන ක්‍රමයක්. පහුගිය අවුරුදු දෙක තුන පුරාම සාමාන්‍ය පාපැදි පමණක් නෙමෙයි මෝටර් රථ පවා අභිබවා ඊපැදි වල ජනප්‍රියතාවය වැඩි වුණා.
නමුත් ලංකාවෙ හුඟ දෙනෙකුට මේවයෙ ප්‍රයෝජනය වාසිය ලාභය පමණක් නෙමෙයි මේ ඊපැදි, මොපෙඩ් සහ විදුලි මෝටර් සයිකල් වලින් වෙන්කර ගැනීමට පවා අපහසු වෙලා.

Bicycle Style

ප්‍රවාහනය විදුලියට හැරීමත් එක්ක ලංකාවට ආපු රෝද දෙකේ බොහොමයක් මෝපෙඩ්, ස්කූටර් සහ මෝටර් සයිකල් ආකෘතිය මත පදනම් වුන ඒව.
පාපැදි එහෙම නැත්නම් බයිසිකල් සංස්කෘතිය වෙනයි. පාවිච්චියේදී ඇඟට දැනෙන ගැම්මත් වෙනයි. මේව පදනම් වෙලා තියෙන්නේ Micromobility එහෙම නැත්නම් ක්ෂුද්‍ර ප්‍රවාහනය යන නවතම ගෝලීය සංකල්පය මත.

පාපැදිය ලෝකයේ මෙන්ම ලංකාවෙත් එක එක කාලෙට එක එක ආකෘති වලින් ආවා. මුලින් ආපු standerd පාපැදි, ඊට පස්සේ ජනප්‍රිය වුණු චොපර් සහ ස්පෝර්ට්ස් වර්ගයේ පාපැදි, ඊලඟට ආපු ගියර් තියෙන drop handle තිබුණු changer කියලා හැඳින්වුණ පාපැදි සහ දැන් ජනප්‍රිය මූලික ආකෘති 3 වන mountain hybrid සහ road යන වර්ගීකරණ.

eBike Differences

ඊපැදි ආකෘතිය, දැනීම සහ හැසිරීම Standard හෝ ඔය කියපු Mountain, Hybrid සහ Road වර්ගම තමයි. වැඩි උනේ බලය සහ පහසුව. පෙනුමට අලුතෙන් එකතු වෙලා තියෙන්නෙ මෝටරය බැටරිය Display එක සහ Control module එක.

වෙනස පැදිකරුට කිසිදු ආයාසයක් නැතිව පැද යා හැකි වීම. එමෙන්ම සාමාන්‍ය වේගය පටන් ගත්ත අවස්ථාවේ සිට අන්තිම අවස්ථාව දක්වාම කඳු ආදිය පවා කිසිදු වෙනසක් නැතිව පැයට කිලෝමීටර් 25 පවත්වා ගැනීමට හැකිවීම.

Usage Difffers Too

ඒ වගේම ඊපැදි වල භාවිතාව විශේෂයි. මේව පාවිච්චි වන්නේ වැඩපළට පාසැලට සහ utility වලට. එනම් අපේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට. එනම් අපි අතීතයේ ඉඳන් භාවිතා කරපු standard පාපැදි වගේ. කාලය ඉතුරු වීම, දෛනික ව්‍යායාමය bonus එකක්.

ඇතැම් ඊපැදිවල throttle එකක් පවා දීල තියෙනවා. අපේ එකතුවෙත් එහෙම ඒව තියනවා. ඒක ඇත්තෙන්ම හදිසියකදී හැරෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. පැදීමක් නැතුව චලනයක් වෙනවා නම් එය පාපැදියක් විය නොහැකි නිසා.

“ඊපැදි” කියන්නෙ අපි හදපු වචනයක්.

~ Mobility Alliance

ඊපැදි වල බලය මුදාහරින මෝටර තැන් තුනක තියෙන්න පුළුවන්. Bottom bracket එකේ එහෙම නැත්නම් මැද ඇක්සල් එකේ හෝ ඉදිරි හෝ පසුපස රෝද හබ් වල ආදි වශයෙන්. මෘදුකාංගයක් මගින් බලය පාලනය වෙනවා පැදිකරුට තමුන්ගේ කැමැත්ත පරිදි බලය 50% සිට 300% දක්වා ලබාගත හැකියි.

සාමාන්‍ය බැටරි වල ප්‍රමාණය වොට් පැය 350 සිට 550 දක්වා වෙනස් වෙනවා. මෝටර් වොට් 250 සිට 500 පමණ දක්වා. ආරෝපණය කෙරෙන්නේ සාමාන්‍ය 5A ප්ලග් පොයින්ට් එකකින් ආරෝපණ කාලය පැය දෙකේ සිට 3 දක්වා වෙනවා ආරෝපණයකින් බලය කිලෝමීටර 40 සිට 150 පමණ දක්වා ලබාගත හැකියි.

නීත්‍යානුකූලව මෙි පැදි වල වේගය කිලෝ මීටර 25 ඉක්මවන විට මෝටර් ක්‍රියා විරහිත විය යුතුයි. ඉන්පසු පැදිකරුට අවශ්‍ය නම් තමුන්ගේ ශක්තිය යොදවා වේගය වැඩිකරගත හැකියි.

Super Specialities

ඊපැදි වල අති විශේෂ වාසි තුනක් මේ.

  • අපි වගේ ඝර්ම කලාපීය රටවල කිසිදු දහඩියත් මහන්සියක් නැතුව කිලෝමීටර විස්සක් තිහක් වුණත් පැද යා හැකි වීම.
  • නගරයේ ට්‍රැෆික් ලයිට් වල හෝ වෙනත් තදබදයට නැවැත් වූ විට නැවත තප්පර කිහිපයකින් පැයට කිලෝ මීටර 25 උපරිමයට ළඟා වීමට හැකි වීම.
  • තැන්නද කන්ද ද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 25ට පවත්වා ගැනීමට හැකිවීම. නගරයේ වාහන වල සාමාන්‍ය වේගය කිලෝමීටර් එය 17 කට සීමා වෙලා තියෙන අවස්ථාවක මේක අති විශිෂ්ටයි.

මේවායේ තව කතා කළ යුතු ගොඩක් දේවල් තියනවා. අවශ්‍යතාවයට සුදුසු මොන වගේ එකක්ද, තාක්ෂණික තත්ත්ව, නඩත්තුව සහ ඉදිරි වියදම් කොහොමද ආදිය ගැන, ටික ටික කියන්නම්. මේව රුපියල් 65,000 සිට ඉහලට තියනවා. මේ ලින්ක් එකෙන් ලංකාවෙ ගන්න පුළුවන් eBike ගැන දැනගන්න.

https://mobility.lk/product-category/ebike/

අකුළන ඊපැදි

අකුලන #ඊපැදි වලට සීමා මායිම් නෑ! මේ ලෝකයේ වඩාත් වේගයෙන් ජනප්‍රිය වෙන ප්‍රභේදයක්. ලාබයි, පහසුයි විතරක් නෙමේ, Last mile needs, ඉන්ධන වියදම්, විදේශ විනිමය, මාර්ග තදබදය, පාරිසරික හානි, වායු දූෂණය, කාල කළමනාකරණය, කාබන් පාදය, ව්‍යායාම අවශ්‍යතාව, ගමන් මහන්සිය, දහදිය, මානසික ආතතිය සහ තවත් ප්‍රශ්න ගොඩකට මේව එකවර විසඳුම් දෙනව! කියවන්න ඒවායේ විශේෂත්ව මෙතනින්:

2 thoughts on “ඊපැදි දැන ගමු 🚴‍♂️”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *