Skip to content

Vega in 3 Wheels

වේගා නව නිෂ්පාදනය ETX, ත්‍රීවීල් කියන තැනෙන් එහාට ගෙනියන්න Vega උත්සාහකරන බව පේනවා. ත්‍රීවීල් වලට අප ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වුණාට ELEKTRATEQ ගැන යම් සාධනීය අදහස් තියනවා, රටේ ආර්ථිකය, last mile solution අවශ්‍යතාව, අධික වායු දූෂණය ආදී හේතූන් මත,කොන්දේසි සහිතව. නමුත් ඒ හැමෝම අහන අඩුවට දෙන්න බැරිද, දොරවල් දෙකක්, AC දාන්න බැරිද, තව රෝදයක් දාන්න බැරිද, පුංචි කාර් සිහින සැබෑ වෙයි ද ආදී හේතුන් මත නොවේ.

රටේ ත්‍රීවිල් මිලියන 1.2 ක් තිබෙනවා. අඩුම මිලියනයක් වත් තරුණයෝ Tuk පදවනව ඇති. ඛේදවාචකයේ එක කොනක් ඒ. රටේ වැඩ කරන්න පුළුවන් වයසේ පිරිමි මිලියන පහෙන් බර තොගයක් හමුදාවට, රාජ්‍ය සේවෙට ගියාම ඉතිරි ගානෙං මිලියනයක් ත්‍රීවිල් පැද්දම ආර්ථිකය ගොඩදාන්න ඉන්නේ කී දෙනා ද කියන එක අති විශාල ප්‍රශ්නයක්!

ඊළඟට මේවා ඇතිකරන තදබදය. හන්දි පිරවීම, ගස් යට කාලේ කෑම. හරිම නං විය යුතු පරණ ඒවා දෙක තුනක් scrap කරලා පරිසර හිතකාමී විදුලි ත්‍රී වීල් එකක් ආදේශය.

ETX ලස්සනයි, futuristic, යන දුරත් රටේ හැටියට ඇති. ඒ වගේම පදවන අය හරි ලේන් එකේ මාර්ග නීතිවලට අනුව ගියොත් මේවා රටේ පාරවල් ලස්සන කරයි. එමෙන්ම හොඳ last mile solution එකක් වෙයි, මගී සහ භාණ්ඩ යන දෙකටම.

නමුත් කොන්දේසි පහක් අනිවාර්යයි

  • 1. පැදවිය යුත්තේ වයස 40 ට වැඩි අය පමණයි.
  • 2. වාහනයක් හා සමානවම සියලු මාර්ග නීති පිළිපැදිය යුතුයි, රිංගන්න බෑ.
  • 3. බඩු ප්‍රවාහනය කරන ඒවා හැර අනික්වාට දොරවල් නොදැමිය යුතුයි.
  • 4. හැමවිටම ධාවනයේ මිස හන්දි ගානේ පාරවල් අයිනේ නවත්වං සිටීම තහනම් කළ යුතුයි.
  • 5. වහාම රටට scrap policy එකක් හැදිය යුතුයි.

වයස අඩු අයට අවසර නොදිය යුතු හේතුව

දොරවල් නොදැමිය යුතුයි යන්නට හේතුව විශේෂයෙන්ම මේ විසඳුම් විවෘත විය යුතු නිසා, අවභාවිතය අවම කලයුතු නිසා, සහ ආරක්ෂාව ප්‍රමුක වියයුතු නිසා.

About Scrap Policy

ඒ කෙසේ වෙතත් මොනොපොලි එකක් නැති දේශීය වෙළඳපොළක් තුල, හොඳ විදේශ වෙළඳපොළක් නැතිව මේ නිෂ්පාදනය සාර්ථක කරගැනීම පහසු දෙයක් නොවෙයි, පවත්නා ආර්ථික තත්ත්ව තුල, EV incentive නොමැතිව.

සුභ පැතුම් VEGA 🇱🇰🤟⚡💚

Leave a Reply

Your email address will not be published. Required fields are marked *