Skip to content

යායුතු මග දුරයි!

ප්‍රශ්නයක් වුනත් නොකර බැරි නිසා VW, BMW සහ Merc විදුලි රථ හැදීම සහ Toyota සහ අපි වල කපා ගැනීම?

Tesla ගමන දැන්ම නැවත්තුවොත් මිසක් කෙළවෙන බව මුලින් කියපු තුන්දෙනාට තේරුණා. අකමැත්තෙන් වුනත් ඔවුන් විදුලි කාර් හදන්න ගත්තේ එලෝන් මස්ක් ගේ පිස්සුව නිසාලු. ඒත් තාම අඩනව වියදම වැඩියි කියල. නමුත් පරණ පැට්‍රොල් කාර් බොහොම අඩුවියදමෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ විදුලියට පරිවර්තනය වෙනවා. ලොක්කන්ට වැරදිච්ච තැනක් ඇති!…….නමුත් අකමැත්තෙන් හරි විදුලි කාර් හදනවා.

තත්වය බාල වුනත් චීන විදුලිකාර් බස් මිළ අඩුයි, කොහොමත් ඒගොල්ලගේ ඉතින් ICE කාරුත් බාලයිනෙ. නමුත් මේ තත්වය සීග්‍රයෙන් වෙනස්වෙනවා, ගෝලීය නිෂ්පාදකයන් චීනෙට ආපුනිසා, ටෙස්ලාත් ඉන් එකක්.

ලොකුම ප්‍රශ්නය ටොයෝටා, ඔවුන්ට අවශ්‍යනම් ලෝකේ හොඳම විදුලි කාරය හැදීමේ දැනුම සහ මුදල් තිබුන. නමුත් පහුගිය අවුරුදු දහය පුරාම කලේ සියලුම මුදල් හයිඩ්‍රජන් කාර් හදන්න යටකරපු එක! බර වියදමක් දරල දැන් විකුනන්නත් දාල. විශ්ලේෂකයෝ කියන්නේ කොලේ ඉරාගනියි කියල. ඩොලර් 65,000 කට කොරොල්ලා සයිස් කාරෙකක් විකිනෙයිද?

දැන්  Toyota කියනවා ලිතියම් බැටරි නැතිව සොලිඩ් ස්ටේට් බැටරි දාල විදුලි කාරෙකක් හදනවා කියල. හැබැයි ඉක්මන්නොවුනොත් පරාදයි, මොකද පොදු යටිතල ව්‍යුහයක් (infrastructure) නැතිව මොකුත් හරියන එකක් නෑ, ඉන්ධන කාර් ලෝකය ජයගත්තෙ පෙට්‍රල් ෂෙඩ් ලෙහෙසියෙන් හැමතැනම හැදුනු නිසා.

අපිටනම් ඕව ගැන වදවෙන්න ඕනේ නෑ, මොකද රථවාහන මත නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවන්න අවශ්‍ය මුලික කරුණු අප සපුරා නැති නිසා. ඒ මොනවද කියල වෙනම කතාකරමු, නමුත් වදවියයුතු අදාල දැනුම වෙනුවෙන් තරුණයො වදවෙන්නෙත් නෑ, පෙට්‍රල් ගඳ ආවේ නැත්නම්, මජං ගාගත්තෙ නැත්නම් කාර්මිකයෙක් නෙමෙයිලු! ටොයෝටා එක්ක අපිත් වලටද?

මේ තත්වයෙන් ගැලවෙන්න දැන්මම හිතාහත්තේ නැත්නම් අපේ වැදගත් විදේශ විනිමයකුත් අහිමිවෙයි,  අපේ විදේශගත තාක්ෂණ ශිල්පීන් ලංකාවට ගේන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *