Skip to content

ගැටුම් වැඩිකිරීම

අධිවේගී යතුරු පැදි අනතුරෙන් පස්සේ බොහෝ දෙනෙක් අවි අමෝරාගෙන. ඇතැමුන් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා පොලු අරගෙන, දවසකට අටකට වැඩිය වාහන ගැටුම්වලින්ම මැරෙන රටේ. මේවා කොහෙත්ම හොඳ ප්‍රවණතාවල් නෙමෙයි.

නීතියේ ගැටළු තියනවා නම් කළ යුත්තේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට රාජ්‍ය ආයතන වලට බල කිරීම සහ ඒවා ඒ අන්දමින් නොවෙනවා නම් ඒ සම්බන්ධයෙන් දේශපාලනමය තීරණ ගැනීම. නමුත් මෙපමණ කල් එහෙම දේවල් වුණේ නෑ.

ජනතා වගකීම

මාර්ග නීති උල්ලංඝනයට දඩ වැඩි කරාම එයට විරුද්ධ වුණේ මේ රටේ මහජනතාව. එමෙන්ම ත්‍රීරෝද රථ පැදවීමේ අවම වයස 35 කිරීමේදිත් ආණ්ඩුවට ඒ නීතිය අකුල ගන්න වුණේ රටේ ජනතාව ගෙනාපු බලපෑම නිසා. කොටින්ම වැරැද්දක් ගැන පෝස්ට් එකක් දැම්මම කීදෙනෙක් ඒකට විරුද්ධව සහ නිදහසට කරුණු ඉදිරිපත් කරනවද?

තමුන්ගේ පහසුව තකා පාරවල් අයිනේ නැවැත්වීම නියම ඉරි තුළ නැවැත්වීම වගේ සුළු දේවල් පවා මහා පරිමාණ අනතුරු බවට පත්වෙන බව කීදෙනෙක් සලකා බලනවද. එමෙන්ම මේ රටේ බොහොමයක් රියදුරන් පුරුදු වෙලා ඉන්නේ වැරැද්ද කදී පගාව දීලා බේරෙන්න.

මාධ්‍ය කාර්යභාරය

මාර්ගස්ථ ගැටුම් වාර්තා කරන මාධ්‍ය පවා පුරුදු වෙලා ඉන්නේ ඒකෙ ජුගුප්සාජනක කරුණු උලුප්පලා තමුන්ගේ අලෙවිය වැඩි කරගන්න මිසක් හරි දැක්මක් මතවාදයක් ඉදිරිපත් කරලා රියදුරන් සහ රජය නියම මාර්ගයට ගන්න නෙමෙයි.

එහෙම තත්වයක් තියෙද්දි අති බහුතර ජනතාව දැන් පොලු මුගුරු අරගෙන අධිවේගී ධාවකයන්ට එරෙහි වෙන්න ලෑස්ති වෙලා. මේ තත්ත්වය හරියට පොලිසිය ආයුධ පෙන්නන්න ගෙනියනවා වගේ, ප්‍රශ්නයට විසඳුමක් නෑ දඬුවමක් විතරයි. එමෙන්ම පිළිතුරු ලැබෙන්නේ අදාල තැනට නෙමෙයි.

අන්තරාදායකව රිය පදවල වෙන අනතුරු වලට බය නැති අයට පොලු මුගුරු අරන් එනවයි කියන එක තවත් විනෝදයක් වෙයි. අනෙක ඔය කොහොම කතා කරත් ඕවා බොහොම ටික කාලයයි. එමෙන්ම හැමදේම අවාසනාවන්ත විදියට බල පුළුවන්කාරකම් වලට සහ දේශපාලනේට යටයි.

විසඳුම?

මෙතන මැරුනේ හතර දෙනයි, නමුත් මේ රටේ දවසකට 8 දෙනෙකුට වැඩිය රිය අනතුරුවලින් මිය යනවා මේක අතිශය භයානක තත්ත්වයක්. මේවට ප්‍රධානම වැරැද්ද රියදුරන්ගේ අතේ. එමෙන්ම මෙම ගැටුම් වලින් 99.9% ක්ම වලක්වාගත හැකි ගැටුම්. හදිසි අනතුරු ලෙස හැඳින්විය හැක්කේ වළක්වාගත නොහැකි ඒවා පමණයි.

ගැටුම් වළක්වා ගැනීමේ ප්‍රධානම තැන, එමෙන්ම ප්‍රමුඛතාවය දිය යුතු රටේ රියදුරු බලපත්‍ර ක්‍රමවේදය. දෙවනුව මාර්ග නීති ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙලවල්, අධික දඩ සහ නීතිමය දඬුවම් වලට. ඒ කිසිම දෙයක් විද්‍යානුකූලව සහ ක්‍රමානුකූලව නොකර රියදුරන්ගෙන් අතිබහුතරය නීතිය සහ හොද පුරුදු අත්හැරලා තියෙද්දි තරුණයින්ගෙන් පමණක් නීතිගරුක වීම බලාපොරොත්තු වෙලා වැඩක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *