Skip to content

රේගුබදු අක්‍රමිකතාවක්

2013 වසරේ සිට ගෙන්වපු වාහන ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචියෙන් මිලියන 220ක බදු අහිමි වෙලා

Reproducing the new of Divaina by කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා on December 05 2020

2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන, ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220ක් රජයට අහිමිවී තිබේ.

ඊට අමතරව, 2010 – 2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443ක් සඳහා මිලියන 3 බැගින් බදු නියම කර අවම වශයෙන් රු. මි. 1300 ක මුදලක් රජයට අයකර ගත හැකිව තිබූ බවද මෙහිදී අනාවරණය වී ඇත. 2010 සිට 2014 දක්වා, වෑන් 10ක් සහ ලොරි 414 ක් විශේෂිත කාර්යය වාහන ලෙස ආනයනයෙන් තවත් විශාල රේගු බදු අක‍්‍රමිකතාවක් සිදුව ඇති බව පෙරේදා (03 දා* පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් කාරක සභා රැුස්වීමේදී අනාවරණය වී තිබේ.

තවද රු. මි. 9කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු. මි. 1.5 ක බද්දක් පමණක් අය කර ගනිමින් ශ‍්‍රී ලංකා රේගුව විසින් මුදා හැරීම ද කමිටුවේ අවධානයට ලක්විය. එම රථය අදාළ ප‍්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාෂණයට කටයුතු යෙදවූයේ නම්, රජයට අයවිය යුතු බද්ද රුපියල් මිලියන 56කට ආසන්න වේ. මෙම සියලූ නිරීක්ෂණ පෙන්වා දීමෙන් අනතුරුව, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ ද එකඟත්වයෙන්, රේගුව සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව අතර සාකච්ඡුාවකින් පසුව කඩිනම් ස්වයංක‍්‍රීය පරිගණක සැසඳුම් පද්ධතියක් පවත්වාගෙන යෑමට මීට පෙර අවස්ථාවකදී රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශය සම්බන්ධව කඩිනමින් පියවර ගැනීමට යෝජනා කෙරිණි.

ඒ සඳහා පනත් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් ඊට නීති සම්පාදනයෙන් මැදිහත්වීමට ගිණුම් කාරක සභාවේ සභික මන්ත‍්‍රීවරයන්ගේ සහයෝගය ද පළ විය.

ආනයන සහ අපනයන ක‍්‍රියාවලියේ දී ශ‍්‍රී ලංකා රේගුවේ ප‍්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලූම් හයක් බටහිර ඖෂධ ලෙස ප‍්‍රකාශ කර වංචා සහගතව නිදහස් කර ගැනීමෙන් ශ‍්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට ප‍්‍රමාණවත් දඬුවම් ලබාදීමට ද කටයුතු නොකිරීම මෙහිදී අනාවරණය විණි.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *