Skip to content

බස් 6000ක දුම් පරීක්ෂා නෑ

රුපියල් දෙකෝටියක උපකරණ දුන්නත් ලංගම බස් හයදාහක් දුවන්නේ දුම් පරීක්ෂා නැතිව.

දැනට ධාවනය කරන ලංගම බස් රථ හයදහසක් පමණ වාර්ෂිකව වායු විමෝචන පරීක්ෂාවලට (දුම් පරීක්ෂාවට) භාජනය නොවන බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

රුපියල් දෙකෝටි දහනව ලක්ෂ තිස්හත් දහස් පන්සීයක් වැය කරමින් දුම් පරීක්ෂණ උපකරණ කට්ටල දහයක් මිලට ගෙන ඉන් නවයක් පළාත් නවයට බෙදා දී දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන නවයක් ලංගම වෙනුවෙන් ස්ථාපිත කර ඇති බවද විගණකාධිපතිවරයා පවසයි.මෙම උපකරණ 2018 වසර අවසානයේදී අදාළ ඩිපෝ වෙත භාරදී ඇත.

එහෙත් පසුගිය දෙසැම්බර් 31 දින වනවිටත් එම දුම් පරීක්ෂණ උපකරණ ප්‍රයෝජනයට නොගෙන නිශ්ක්‍රීයව තිබී ඇතැයිද විගණකාධිපතිවරයා ප්‍රකාශ කර සිටී. මේ නිසා ලංගම බස් රථවල දුම් පරීක්ෂණය වෙනුවෙන් කරන ලද සම්පූර්ණ ආයෝජනයම ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව තමන්ට නිරීක්ෂණය වූ බවද විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කරමින් කියා සිටී. මේ නිසා ලංගමට අයත් ධාවන තත්ත්වයේ ඇති බස් රථ හයදහසක් පමණ වාර්ෂික දුම් පරීක්ෂාවට ලක් නොවන බව එම වාර්තාවේ දැක්වේ.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න විසින් සැප්තැම්බර් 23 වැනිදා මෙම විගණන වාර්තාව නිකුත් කර තිබේ. – – (අරුණ • අජිත් අලහකෝන්)

1 thought on “බස් 6000ක දුම් පරීක්ෂා නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *