Skip to content

පොලිසියට නව පෙනුමක්?

කාලෙක ඉඳන් කතා වෙනව පොලිස් නිලධාරීන්ගේ ඇඳුම ජාත්‍යන්තර තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කිරීම ගැන. නමුත් ඒක වුණේ නෑ. පොලිසිය සිවිල් නීති සේවාවක් නිසා මිලිටරි ඇඳුම් නිල කාර්යයන්ට නොගැලපෙන බව ලෝකයම පිළිගන්නව.

එමෙන්ම කොවිඩ් තත්ත්වය නිසා සාමාන්‍ය කාර්යාලීය ඇඳුම් පැළඳුම් පවා වඩාත් සුවපහසු කැෂුවල් ඇඳුම් වලට වෙනස් වුණා. මේ තත්ත්වය සමකාසන්න රටවලට වඩාත් අදාලයි.

අපේ පොලිස් කාකි ඇඳුම මෙන්ම සපත්තු පවා ඉතාමත් අපහසු බව හැමෝම පිළිගන්නා නමුත් වෙනස් වෙන්න කැමැති නැහැ. ඇතැම් විට traffic police නිළධාරින් ඇතුලෙන් අදින සුදු අත් දිග කමිසය පවා කාකි අවුට්ෆිට් එකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.

පැරීසියෙ පොලිස් නිළධාරින් කොට කලිසම් ඇඳන් පාපැදියෙන් ඊළඟ ට්‍රැෆික් ලයිට් එකට යනකං ලේන් කපන කාර් පස්සේ පැදලා අල්ලගෙන ටිකට් දෙනව දැක්ක මීට අවුරුදු විස්සකටත් ඉස්සෙල්ලා ඉඳන්.
ඇයි අපේ පොලිසියට වෙනස් වෙන්න බැරි?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *