Skip to content

ලිතියම් බැටරි වෙනස්කිරීම

මුල් අවධියේ එනම් 2013 පෙර නිෂ්පාදනය වූ මෙන්ම වසර දහය ඉක්මවන විදුලි රථවල පැනනැගී ඇති බැටරි හිඟය නිසා නැවත එකලස්කිරීම් ගැන ලංකාවේ විශාල උනන්දුවක් තියනවා. මෙහිදී සැලකියයුතු ප්‍රධාන කරුණක් ආරක්ෂාව, විශේෂයෙන්ම ගිනි අනතුර ගැන.

විදුලි රියක් ගිනි ගැනීම ප්‍රවෘත්තියක්, ඒ වගේම හැම මාධ්‍යයක්ම මේවා වාර්තා කරනව. නමුත් ඉන්ධන මෝටර් රථයක් ගිනි ගැනීම ලෝකෙ ප්‍රවෘත්තියක් වෙන්නෙ කලාතුරකින්.

මේ තත්වයට ප්‍රධාන හේතු කීපයක්. පළමුවැන්න Lithium-ion battery තාක්ෂණය ලෝකෙට බොහොම අලුත්, අවුරුදු විස්සකට එනම් වසර 2000 දී පමණ මෝටර් රථ සඳහා Lithium-ion battery පාවිච්චි ආරම්භ වුණත් විශාල පරිමාණයෙන් ජනප්‍රිය මෝටර් රථ සඳහා ඒවා එක්වෙන්න ගත්තේ 2010 පමණ සිට. මේක ප්‍රධාන හේතුවක් මාධ්‍ය වල උනන්දුව ලැබෙන්න.

අභ්‍යන්තර දහන එන්ජිමේ පරිණාමය අවුරුදු සීයකට වඩා වැඩියි, ඉන්ධන දහන තාක්ෂණය ඊටත් වැඩියි. ඉතින් එය ස්වාභාවිකයි, අලුත් මෙන්ම අනාගත තාක්ෂණය කෙරෙහි මාධ්‍ය අවධානය යොමු වීම.

ඊළඟට විශාලතම හේතුව ඉන්ධන වාහන සහ පොසිල ඉන්ධන ව්‍යාපාර මත යැපෙන්නන් සහ යැපෙන රටවල් ලෝකයේ අතිශයින් බලවත් වීම. එමෙන්ම වසර සිය ගණනක් තිස්සේ එකතුවුණු මූල්‍ය සම්භාරය පොසිල ඉන්ධන දහන වාහන හැකිතාක් කල් පවත්වා ගැනීමට උත්සාහ කරනව, ගෝලීය පාරිසරික සහ පැවැත්මේ තර්ජන කොතෙක් විද්‍යානුකූලව ඔප්පු කරල තිබුණත්.

මෝටර් රථ ගිනි ගැන ඇත්ත දත්ත අපේ සාමාන්‍ය අවබෝධයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. එලොන් මස්ක් ප්‍රකාශ කරනවා ඉන්ධන වාහනයක් ගිනි ගැනීමේ හැකියාව විදුලි රථයකට වඩා එකොළොස් ගුණයක් බව. ඒ ප්‍රකාශ කරන්නේ දත්ත මත. එමෙන්ම එක්සත් රාජධානියේ දත්තත් මේ කරුණු හා සමපාත වෙනව.

ටෙස්ලා වාහන දළ වශයෙන් ධාවනය වෙලා තියෙනවා සැතපුම් බිලියන 7.5. ඒ කාලය තුළ ගිනි හතළිහක් වාර්තා වෙලා තියෙනව. එනම් හැම කිලෝමීටර් සැතපුම් බිලියනයකටම ගිනි පහක්. ඉන්ධන වාහන වලට මෙය අදාල කළොත් හැම සැතපුම් බිලියනයකටම ගිනි 55 ක් වාර්තා වෙලා තියෙනවා. එමෙන්ම විදුලි රිය ගිනි නිරීක්ෂණය වෙනවා අනාගත නිෂ්පාදන උදෙසා. මේ ගැන වැඩිපුර දැනගන්න ලින්ක් එකක් යට.

බැටරි ගිනිගන්නා හේතු 

•  Electrical short, overcharging, or over-discharging.
•  Exposure to high temperatures or charging at cold temperatures.
•  Excessive shock, impact, compression (crush), or penetration.
•  Corrosive and aggressive agents contaminating internal components (eg: saltwater).
•  Excess cycling, electrochemical component breakdown, fracture and crack growth.
•  Cumulative abuse and service causes.
•  Errors in design, manufacturing, operation, and maintenance.

Thermal runaway ලෙස හැඳින්වෙන සංසිද්ධිය මේ ගිනි පාලනය කිරීමේ අතිශයින් අපහසු තත්වයක් උද්ගත කරනවා. මේ හේතුව නිසාම ලොව පුරා ගිනි නිවන ආයතන මුල්තැන දෙන්නේ මැඩපැවැත්වීමට වඩා දැවී අවසාන වීමට ඉඩ දීමට. නමුත් හැම තැනකදිම මේ තත්ත්වය ප්‍රායෝගික නෑ, විශේෂයෙන්ම නිවාස සංකීර්ණ හෝ නිවසක් තුළදී ගිනිගන්නා අවස්ථාවේදී.

ලංකාවෙ තත්වය 

බැටරි හෝ ඒ සම්බන්ධ වෙනත් කාර්යයන් කිරීමේදී විදුලි වාහන වල පමණක් නෙමෙයි hybrid වාහන වල පවා බැටරි සම්බන්ධ අලුත්වැඩියාවන් වලදී අතිශයින් සැලකිලිමත් වීම අනිවාර්ය අංගයක්. නමුත් අවාසනාවකට මෙන් ලංකාවේදී මේ තත්වය නිරීක්ෂණය වෙන්නෙත් නෑ, ප්‍රමිති ගත වෙලත් නෑ.

Lithium-ion battery පද්ධති නැවත නිර්මාණය කරන්නන් සහ වෙනස්කම් කරන්නන් මේ තත්වය ගැන අතිශයින් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ඇතැම් විදුලි වාහන වල බැටරි දුර්වල වීමේ දී වෙනත් වාහන වල කෝෂ හෝ මොඩියුල ආදේශයේදී මෙන්ම බැටරි නැවත ගොඩනැංවීමේ දී (Rebuilding).

අපි මේ දේවල් කරන්නේ බැටරි වල මිල සහ හිඟය මත පැන නැගී ඇති ගැටලුව විසඳීමට වූවත් ආරක්ෂාව පළමුව විය යුතුයි. බොහෝ වාහන වල බැටරි කළමනාකරණ පද්ධති සැකසී ඇත්තේ අදාළ සෙල් හෝ මොඩියුල කලමනාකාරනයට මිස ආදේශක සඳහා නෙමෙයි. එමෙන්ම බොහෝ බැටරි වල ඇති තාප දර්ශක සහ තාප කළමනාකරණ පද්ධති ඒ හා අනුගත විශාල දත්ත ජාලයක කොටස්. ඒවා දේශීයව වෙනස්කම් වලට භාජනය කිරීම ආර්ථික හෝ තාක්ෂණික වශයෙන් ප්‍රායෝගික වීමේ ඉඩ ඉතාමත් අඩුයි.

විදුලි වාහන වලට පමණක් නෙමෙයි හයිබ්‍රිඩ් සහ ඉන්ධන වාහන වලට පවා නිශ්පාදකයා විසින් අනුමත නොකළ කිසිදු වෙනස් කිරීමක් අනුමත කළ නොහැකි මෙන්ම අන්තරාකාරි විය හැකියි. එක අන්තරායකාරී සිද්ධියක් සුනිත්‍ය බලශක්තිය, රටේ අනාගතය සහ සමාජයීය දියුණුව වෙනුවෙන් ගොඩනංවන දැනුමට සහ ක්‍රියාපටිපාටීන් ට විශාල බාධාවක් වෙන්න පුළුවන්.

මෝටර් රථ ගිනි අනතුරු ගැන තවදුරටත් දැනගන්න, පහත ලින්ක් එකෙන්;

https://mobility.lk/2020/10/09/fire-risk-ev-or-ice/

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *