Skip to content

ප්‍රවාහන ආර්ථිකය

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහත්මය කියනව ඉන්දන ආනයනයට වසරකට ඩොලර් මිලියන 5000 ක් (රුපියල් බිලියන 1000) වැය කිරීමට සිදුවී ඇති බවත් එම තත්ත්වය ආනයන සහ අපනයන පරතයට වැඩි වීමට වඩාත් බලපෑම් කර ඇති බවත්. ඒ 2021 මාර්තු මාසෙදි.

ඉන් සති දෙකකට පෙර බලශක්ති ඇමතිවරයා කියනව පරිසරය පිලිබඳ විත්තිකරුවන් කුඩුවට නංවනවා නම් ඔහු එහි දෙවැනි විත්තිකරුවා වනබව. පළමු විත්තිකරුවා විදියට ඔහු නම් කරන්නේ ප්‍රවාහන අමාත්‍යවරයාව. මේ ඒ ප්‍රකාශ දෙකම.

එමෙන්ම වගකිවයුතු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ප්‍රකාශ කරනවා වාහන ආනයනය ආරම්භ වුවිට විදුලි රථ සඳහා ප්‍රමුඛතාව දෙනබව. නමුත් මේවා පරස්පර විරෝධී වෙනවා ලෝකයේ තහනම් වෙන හයිබ්‍රිඩ් රථ ඇගයීමෙන් සහ මෙතෙක් ලොව සාර්ථක නොවුණු සූර්ය කාර් ගැන කීමෙන්.

ඒ අතරම විපක්ෂ මන්ත්‍රීවරයෙක් වන පාටලී කියනවා රට බංකොලොත් වෙනබව ඛනිජ තෙල් සංස්ථාවේ බිල ගෙවන්න විදේශ සංචිතය භාවිත කලොත්.

මේ කියන කරුණු වලින් පැහැදිලිවෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනව. පළමුවැන්න මේ රටේ ආර්ථිකයට බලපාන ප්‍රධානතම කරුණක් අපේ ප්‍රවාහනය. දෙවැන්න ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලශක්ති නිෂ්පාදනය ආර්ථිකයේ දියුණුවට ඇති විශාල බාධාවක් බව.

මේ විදියට රටේ ඉන්ධන වියදම වසරකට රුපියල් බිලියන 1,000. ඉනුත් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනයට. මේ පිළිබඳව අපේ රටේ ඇති දත්ත ඉතාමත් කනගාටුදායකයි, විශේෂයෙන්ම යාවත්කාලීන නොවීම නිසා.

ඉන්ධන ආර්ථිකය

ඉන්ධන වෙළඳාම සහ භාවිතය වටා බැඳුනු විශාල ආර්ථිකයක් මේ රටේ පමණක් නොවෙයි මුළු ලෝකයේම තියනවා. ටොයෝටා වැනි විශාල සමාගම් විදුලි රථ සඳහා ඉක්මනින් නොයන්නත් ඒවා හේතු. ලංකාව දිහා බැලුවත් ඉන්ධන බද්දෙන් ලබන ආදායම රජයට වඩාත් වැදගත්වීම විශාල අනුවණකමක්. කෙටිකාලීන ආර්ථික ඉලක්ක දීර්ඝකාලීන සුනීත්‍ය සංවර්ධන ඉලක්ක අවතක්සේරු කිරීම අපව විෂම චක්‍රයක හිරකරලා.

ඉන්ධන ආශ්‍රිත ව්‍යාපාර වලින් ජීවත්වෙන රජය සහ ජනතාව සුනීත්‍ය බලශක්ති ජනනය මත ව්‍යාජ ප්‍රමුඛතාවක් දෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් රට යා යුතු තැනට ක්‍රියාමාර්ග වගකිවයුත්තන් අතින් ගැනෙන්නේ නැහැ.

බලශක්ති සහ ප්‍රවාහන ප්‍රතිපත්ති

ජනාධිපති ගෝටාභය එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල කිව්ව රටේ පුනර්ජනනීය බලශක්තිය 80% දක්වාත් ප්‍රවාහනය ඉන්ධනවලින් තොර පාපැදි වැනි ක්ෂුද්‍ර ප්‍රවාහන මාධ්‍ය වෙත යොමු කරවන බවත්. එතුමාගේ ධුර කාලයෙන් අඩකට කිට්ටු වුනත් මෙතෙක් ඒ පිළිබඳව ස්ථිර සැලසුම් නැහැ. නිලධාරීන් මේ පිළිබඳව ලජ්ජා විය යුතුයි ප්‍රතිපත්තිමය ලෙස පිළිගැනුණු දෙයක් සඳහා සැලසුම් නැතිවීම ගැන.

තිස් වසරක යුද්ධයේ වියදමට වඩා මාර්ග තදබදය නිසා රටට වසරකට වෙන ආර්ථික හානිය වැඩි බව විද්වතුන් ප්‍රකාශ කර තියනවා. ප්‍රතිපත්තිමය වශයෙන් රට ඇත්තේ ඉතාමත් අන්තරායකර තත්වයක වුනත් ඒ පිළිබඳව සාධනීය සැලසුම් හෝ ක්‍රියාමාර්ග නැහැ, ප්‍රවාහනයට පමණක් නොවෙයි අනෙකුත් අංශවලත් තත්වය ඛේදජනකයි.

අප කොතනටද යායුතු?

මේ විෂම චක්‍රයෙන්, උගුලෙන්, ඛේදවාචකයෙන් ගැලවෙන්න අප ප්‍රධාන කරුණු දෙකකට අවධානය යොමුකළ යුතුයි. ඒ බලශක්තිය සහ ප්‍රවාහනය. ඒ දෙක ගැන තිරසාර ක්‍රියාමාර්ග ගත්තොත් විසඳෙන ගැටළු බොහොමයි, ප්‍රදාන වශයෙන්ම ආර්ථික, සවුක්‍ය, පාරිසරික යන අංශවලින්. ඒ පිළිබඳව කලිනුත් ලියවිලා තියනවා.

රටට ප්‍රතිපත්ති නැතිවීම මේ අර්බුදයේ මුල. එමෙන්ම ඒ ප්‍රතිපත්ති බලශක්ති, ප්‍රවාහන සහ පාරිසරික යන නිර්ණායක මත වෙන්ව නිර්මාණය වියයුතුයි. නිසි කාල වකවානු සහ ක්‍රියාකාරී සැලසුම් සහිත විය යුතුයි.

එමෙන්ම ගෝලීය සහ දේශීය නව ප්‍රවණතා, උදාහරණයක් ලෙස පවත්නා වසංගත තත්වය, එය ලොව බලශක්ති සහ ප්‍රවාහන ආර්ථිකය මත ඇතිකරන ස්ථාවර මෙන්ම නොවෙනස්වන බලපෑම් මත යාවත් කාලීන විය යුතුයි.

ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය

දැන් යමු අප අදාලවන ප්‍රවාහන, එනම් සංචරණ ක්ෂේත්‍රයට. බලශක්ති මෙන්ම පාරිසරික ආර්ථිකයට බලපාන විශාලතම අංගයක් ප්‍රවාහනය. රටේ බලශක්තියෙන් 60% කට වඩා වැයවන්නේ ප්‍රවාහනය වෙනුවෙන්. ඒ කොහොම වුනත් මූලික වශයෙන්ම අපට රටක් හැටියට ප්‍රවාහන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

අලුත් ක්‍රමයට කිව්වොත් සචලතා ප්‍රතිපත්තියක්, එනම් Mobility Policy එකක්. එමෙන්ම එය වෙනස්වන අවශ්‍යතා, සංචරණ ප්‍රමුඛතා හෝ මාධ්‍ය අනුව යාවත්කාලීන වියයුතුයි. එමෙන්ම සුනීත්‍ය බලශක්ති මත පදනම්ව තිරසාර වියයුතුයි.

මේ එවැන්නක් ගැන විමසුමක්, අඩංගු වියයුතු කරුණු ගැන දළ සැලසුමක්:

https://mobility.lk/2020/08/02/national-transport-policy/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *