Skip to content

ඉන්ධන හල් ඉදිරිය

රටේ හැම ප්‍රධාන නගරයකම වැදගත් ඉඩ ප්‍රමාණයක් වෙන්වෙලා තියනවා ඉන්ධන හල්, එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් වලට. දැන් මේවායේ ඉඩ ප්‍රමාණය සහ ඉඩම් වටිනාකම බැලුවාම අපේක්ෂිත ආදායම් ලැබෙනවද යන්නත් ප්‍රශ්නයක්. ලංකාවේ ඉන්ධන හල ස්වයංක්‍රීය නැහැ, සේවක වැටුප් ඉහලයි. එමෙන්ම නොයෙක් අක්‍රමිකතා ගැනත් වාර්තාවෙනවා. මිනුම් ගැන පමණක් නොවෙයි පිරිසිදු බව පිළිබඳවත්.

ලාභ අවමවීම අක්‍රමිකතාවන්ට මුල පිරෙනවා පමණක් නොවෙයි සැපයියයුතු වායු පිරවීම, වැසිකිලි පහසුමක් ආදිය පවා මගහැරිල.

ලංකාවෙ දැන් තියනවා සංස්ථාවට අයත් ඉන්ධන හල් 1236 කුත් ලංකා IOC සමාගමට අයත් ඉන්ධන හල් 150 කුත්. අලුතින් බිහිවුන ඒවා නගරවලින් බැහැරව වුනත් පැරණි ඒවා තවමත් නගර මැද.

දැනටම පාඩුද?

ඉන්ධන හල හිමියන්ගේ අදහස පොදුවේ බැලුවොත් ඉඩම්වල වටිනාකම් අනුව ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවන බවයි. ඉන්ධන අලෙවියෙන් ලැබෙන්නේ 3% ආදායමක් පමණයි. නාගරික පර්චස් 25 ප්‍රමාණයේ ඉඩක ඇති මධ්‍යම ප්‍රමාණයේ ඉන්ධන හලක මාසික ආදායම මිලියන 30ක් පමණ වෙන විදියට ගත්තොත් මාසික ලාභය ලක්ෂ නමයක්. නමුත් ඉඩමේ වටිනාකම, ගොඩනැංවීමේ වියදම්, උපකරණ ආදිය මත එන ප්‍රාග්ධන වියදම් සහ සේවක වැටුප්, නඩත්තු මෙන්ම තැන්පතු පොලිය මත එන වියදම් සමග සසඳද්දී දැනටම මේ ඉන්ධන හල් ව්‍යාපාරය ලාභදායී නැහැ.

අනාගතයේ තත්වය තවත් භයානකයි. ප්‍රධානම හේතු වඩාත් ඉන්ධන කාර්යක්ෂම වාහන, ගමනාගමන අවශ්‍යතා අඩුවීම. පොදු ප්‍රවාහනයේ දියුණුව. වාහනවල පුද්ගලික හිමිකාරිත්වය ආයතන ගතවීම, විදුලිකරණය, ආනයනික ඉන්ධන මිල ඉහළයාම ආදිය අනාගතයේ මේ ව්‍යාපාරය තවත් පරිහානියට පත්වෙන්න හේතුවෙනවා.

මේවා එකවර හෝ ඉක්මනින්ම නොවුනත් ලාභ අඩුවීම සහ පාඩු වැඩිවීම දැනටත් වෙන දේවල්. ඉන්ධන හල්වලින් සැපයිය යුතු පහසුකම් ඉවත්වීම, ඉන්ධන ප්‍රමිතිය බාලකිරීම්, වැරදි මීටර් සහ මිනුම්, පිරවීමේ වංචා ආදිය මේ පාඩු වැඩිවීමේ අතුරුඵල.

වෙනත් රටවල ඉන්ධන හල් වලට මොකද වෙන්නේ යන්න දැනටමත් කතාවෙනව. ඒ විශේෂයෙන්ම වාහන විදුලිකරණය නිසාවෙන්. නමුත් ලංකාවේ ඒ කතිකාවත කොවිඩ් සමග අලුතින් කතාකලයුතු මාතෘකාවක් වෙනවා, විදුලි කරණය හෙමින් වුනත්, ඉහත කියපු අනෙක් හේතු අපිට දැනටම බලපාන නිසා.

කොහොමද, කවදද අප වෙනස් වියයුතු?

දැනටම අප දකිනවා රටපුරාම ඉන්ධනහල් මේ පාඩු ලබන ව්‍යාපාරයෙන් ඉවත්වෙන අන්දම. මීළඟට අප බලමු ලංකාවේ ඉන්ධනහල් හිමියන්ට එම ව්‍යාපාරයෙන් බැහැර වීමේ ගමනේදී කල හැකි සහ කල යුතු දේවල්. එමෙන්ම කවදා කොහොම මේ වෙනස්කම කල යුතුද යන්න ව්‍යාපාරික මෙන්ම ප්‍රායෝගික දැක්මකින්.

Writing is on the wall, next we look at what can be the exit strategies with the timing by minimizing the losses, towards sustainability and profitability!

Update: 2022 අගෝස්තු

ඉහත සටහන 2021 වසරේ. දරාගත නොහැකි මිල, නොයෙක් හේතු මත ගමනාගමනය සීමා වීම, ආයතනික ඉන්ධන ටැංකි සහ තවත් හේතු මත පරිභෝජනය අවම වීම නිසාත් ඉන්ධන හල ව්‍යාපාරය දැනටම ලාභ ලැබීමේ ව්‍යාපාරයක් නෙමේ.

………..මතු සම්බන්ධයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *