ගුවන්පාලම් පිස්සුව

බිලියන හත අටක වියදමෙන් ගුවන් පාලම් පහක් මාස 12 කින් හදන්න යනවලු. නාගරික තදබදය අඩු කිරීමට ගුවන් පාලම් අවශ්‍ය නම් එය නවීන ප්‍රවාහන මාධ්‍ය වෙනස්වීම්, වෙනස්වෙන ව්‍යාපාරික සහ මහජන අවශ්‍යතා සලකා බැලූ integrated plan එකක කොටස් විය යුතුයි.

නැත්නම් වෙන්නේ එක තැනක තියන තදබදය තව තැනකට හුවමාරු කිරීමක් විතරයි. මෙතන සැලසුම් තියෙනවද නැද්ද කියන්න දන්නෙ නෑ. නමුත් එහෙම දෙයක් තිබුනත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය දීර්ඝකාලීන සැලසුම්, මේ වගේ හතු පිපෙන්නා වගේ පහළවෙන පැලැස්තර විසඳුම් නොවේ. LRT, expressways, highways flyovers railways and any similar need to be components of integrated mobility or transport plan of the country.

අපේ රටේ ජනතාවගේ මුදලින් යැපෙන ප්‍රවාහනය පිළිබඳ විශේෂඥයෝ සහ විශේෂඥ ආයතන තිබුණත් කියන්න කණගාටුයි, මේ රටට වලංගු සහ අනාගතය වෙනුවෙන් යාවත්කාලීන වුණු ජාතික ප්‍රවාහන සැලසුමක් දැනටත් නෑ, දන්න කාලෙක තිබිලත් නෑ! අපේ දේශපාලකයන් විද්වතුන් සහ විශේෂඥයන් තාමත් රටේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න යන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කාපු ක්‍රමේට.

ඒකට නොහැකියාවට සහ අකාර්යක්ෂමතාවට අමතරව තවත් හේතුවක් සැලසුමක් අනුව වැඩ කළොත් ගාන කපා ගන්න බැරි බව දේශපාලකයෝ සහ නිලධාරීන් යන දෙගොල්ලම දැන සිටීම.
එනම් රටට හෙන ගැහුවත් තමුන්ගේ සාක්කු පිරෙන්නෙ මහා පරිමාණ ව්‍යාපෘති වලින් මිසක් සැලසුම් සහගත optimized mobility, resource management, remote work, micromobility, linear cities ආදී කන්සෙප්ට් වලින් නොවීම.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *