නියුමෝනියාවට පෙර

ජීවිතයක් බේරගන්න උදව් වියහැකි රුපියල් හාරදහක ගැජට් එකක්!

කොවිඩ් PCR හෝ rapid antigen positive උනාට දැං රෝහල් හෝ කඳවුරු ගත කිරීමක්  නැහැ. රෝග ලක්ෂණ මතු වුණත් ගෙදරමයි. හුස්ම ගන්න අමාරු උනහම තමයි ICU.  බටහිර ක්‍රමයත් ඕක. ගිය අවුරුද්දේ මුල පටන් ගද්දිම මම උනත් කිව්වේ රෝහල් සහ කාර්ය මණ්ඩල අනවශ්‍ය විදිහට ලෝඩ් නොකර බෙහෙත් නැති මේ ලෙඩේ ගෙදරදි පාලනය කර යුතුයි කියලා.

මම වෛද්‍යවරයෙක් නෙමෙයි, මේ මගේ දේශීය විදේශීය වෛද්‍ය මිත්‍රයන් සමග ඇති වුනු සාකච්ඡා මත මම කරන දේ සරල සිංහලෙන් කීමක්. අනික මෙතන කියැවෙන්නේ එක පැත්තක් ගැන විතරයි. තව බොහෝ සංකූලතා එක් එක් පුද්ගලයා අනුව බෙහෙවින් ඇති විය හැකියි. එනිසා ඔබේ වෛද්‍යවරයාගේ හෝ රජයේ උපදෙස් අනිවාර්යෙන් ගත යුතුයි.

Phneumonia

මැරෙන්නෙ කොවිඩ් නිසා නෙමෙයි. වැඩියෙන්ම නිව්මෝනියාව නිසා. වෙන හේතුත් බලපාන්න පුළුවන්. නමුත් අපිට හුස්ම ගන්න අමාරු වෙන්නෙ ventilator ඕන වෙන්නේ ඔය නිව්මෝනියා තත්ත්වයට ආපුවාම.  

අපේ ඇඟේ වෙන ගැටලු නැත්නම් ඔය නිව්මෝනියා තත්ත්වය පාලනය කර ගන්න පුලුවන්නම් සංකූලතා සහ මරණය වළක්වාගන්න පුළුවන් වෙයි. ඒ වගේම කොවිඩ් සමග ඇතිවෙන වෙනත් ලෙඩ පාලනය කිරීම සඳහා වෙනත් බොහෝ ප්‍රතිකාර ICU වල වෙනවා

නිව්මෝනියාවත් ගෙදර ඉඳන් පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. ප්‍රශ්නය තියෙන්නේ පෙනහලු නිව්මෝනියා තත්ත්වයට එනවද කියලා දැන ගන්නෙ කොහොමද කියන එක.

මේ අතුරු කතාවක්. 

මට ඩෙංගු හැදුන දශකයකට විතර කලිං. ඒකටත් ප්‍රතිකාරයක් නැති නිසා කලින්ම හිතාගෙන හිටියේ platelet count එක අන්තිම කොනට යනකං ඉස්පිරිතාලෙට යන්නෑ කියල. හොඳ වෙලාවට පොඩි ලැබ් එකක් තිබුණා ගේ ගාවම වැඩිය ඇඟ හොලවන්නේ නැතුව රිපෝට් ගන්න. වෛද්‍ය උපදෙස් මත බීම, මුත්‍රා මැන මැන ගෙදරම හිටිය.

ආපහු කොවිඩ් වලට. 

කොවිඩ් වල රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් පෙනහළු ආසාදනය, එහෙම නැත්නම් pneumonia තත්ත්වයට ආවොත් හුස්ම ගැනීමේ අපහසු කම් ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ තත්ත්වයට එනකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්. දැකලා ඇති එහෙම වෙච්ච අයගෙ පෙනහලු වල එක්ස්රේ ඡායාරූප.

මේක කලින් අපිට හඳුනා ගත හැකි ක්‍රමයක් තමයි රුධිර oxygen saturation එක හඳුනාගැනීම. මේ Pulse Oximetry දර්ශකය සාමාන්‍ය කෙනෙකුගේ 95% සිට 100% අතර. ඉන් පහළට වැටුනොත් වෙන කිසිදු රෝග ලක්ෂණයක් නැති උනත් ඒක වැදගත් සංඥාවක් වෙනවා ඔබට වහා වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් ගත වීම අවශ්‍ය බවට.

අපි ගෙදර තියාගන්න blood pressure, sugar monitors වගේ රුපියල් 4000 කට විතර ගන්න පුළුවන් මේ Pulse Oximeter උපකරණයකින් බොහොම ලේසියෙන් දැනගන්න පුළුවන් Pulse Oximetry මාපාංකය. 

ඒ වගේම මේ SpO2 sensor එක තියෙනවා අලුත් phones වල. samsung note සහ S මෙන්ම iphone වල. ඒවායෙත් මිනුම් හරි.

ඊලගට තියෙන්නේ අපේ සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කරපු Covid-19 Home Management guideline එකේ පිටු කිහිපයක්. මේක පිටු 25 ක පොතක්.

අතිශයින් වැදගත්ම දේ ප්‍රතිකාරය නෙවෙයි නිවාරණය, එනම් prevention. අමතක කරන්න එපා දුරස්ථභාවය අත් සේදීම සහ mask.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *