Skip to content

EV කමිටුව 2021

විදුලි රථ ප්‍රවර්ධනයට උපාය මාර්ගික සැලැස්මක් හදන්න කමිටුවක් පත් කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල. මෙතෙක් මේ ගැන රජයයන් ප්‍රකාශකළ කරුණු සහ කාලසීමාවන් අනුව නම් මේ වෙද්දී කැබිනට් පත්‍රිකාව විය යුත්තේ අදාල සැලැස්මයි. නමුත් තවමත් අපි කරන්නේ සැලැස්මක් හදන්න කමිටු පත් කිරීම.

Daily News 2021/10/08

පෙර රජයන් පවා විවිධ සැලසුම් ගැන කතා කරා අයවැය යෝජනා වල පවා ස්ථිර ඉලක්ක සඳහන් කළා. නමුත් ලෝකය ඉදිරියට යද්දී අපි ගියේ පිටිපස්සට. ආසන්නම කමිටුව වුනේ 2019 ජනවාරි මස නිකුත් කරපු Sustainable Sri Lanka 2030 Vision and Strategic Path වාර්තාව. මේ ඒකෙ ප්‍රවාහනය ගැන සඳහන් වූ පිටු කිහිපයේ (150 ~ 161) අවසානය (Chapter S6).

http://www.presidentsoffice.gov.lk/wp-content/uploads/2019/05/Final-v2.4-Typeset-MM-v12F-Cov3.pdf

වසර ගණනාවක ඉඳන්ම අප පැහැදිලිව කියලා තියෙනවා විදුලි වාහන ප්‍රවර්ධනය කරන්න කලයුතු මොනවද කියලා. තවත් මූලික වැරැද්දක් තියෙනවා, විදුලි වාහන නෙමෙයි හරි වචනය විය යුත්තේ විදුලි ප්‍රවාහනය. විදුලියට හැරිය යුත්තේ කාර් පමණක් නෙමෙයි බස් ට්‍රක් දුම්රිය ආදී සියල්ලම.

විදුලි වාහන වලට strategic plan හදන්න කලින් දැන් තියෙන ලෝකෙ කොහෙවත් නැති තරම් පැරණි යල්පැනගිය වායු විමෝචන ප්‍රමිතීන් අද කාලෙට ගැලපෙන විදියට අලුත් කළ යුතුයි. මෙච්චර කල් දුම් සහතිකයෙන් අය කරගත්තු මුදල් අදාල ප්‍රතිපත්තියේ සඳහන් වන අන්දමට ඉන්ධන වාහන වලින් පරිසරයට වුණ හානිය යථාවත් කිරීම සඳහා යෙදවිය යුතුයි, අනාගතය වෙනුවෙන් නිදහස් කළ යුතුයි. නාගරික වායු දූෂනයෙ විශාල ම හේතුව වන පැරණි වාහන මෝටර් සයිකල් සහ ත්‍රී වීල් ධාවනයෙන් ඉවත් කිරීම සඳහා ස්ක්‍රැප් ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුයි. හැමදාම කතා කලාට කිසිම දෙයක් නොකරන පොදු ප්‍රවාහනය දියුණු කළ යුතුයි.

ඔය ටිකක් විතරයි, වහා කළ යුතු දේවල් තව මහ ගොඩක් තියෙනවා. අපේ වායු දූෂණය ලෝකෙ නරකම තැනකට ඇවිත්. පුනර්ජනනීය විදුලි කරණය රටේ ආර්ථික ගැටළුවටත් විසඳුමක්.විදුලි ප්‍රවාහනය වුණත් ජාතික ප්‍රවාහන සැලැස්මක කොටසක් විය යුතුයි. අවාසනාවකට මෙන් මේක ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් වත් නැති රටක් 🤬

පහලින් කියවන්න ජාතික ප්‍රවාහන ප්‍රතිපත්ති වියයුතු දේ ගැන සහ විදුලි වාහන ප්‍රවර්ධනය උදෙසා ගතයුතු පියවර ගැන.

Update: Proposing components for a National Strategy (Dec 2021)

Proposing components for a National Strategy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *