Skip to content

බලශක්ති නිදහස

රටේ ආර්ථිකයට විශාලතම හානිය කරන්නේ ඉන්ධන ආනයන වියදම. පරිසරයට විශාලතම හානිය කරන්නේ ප්‍රවාහනය දවන ඉන්ධන.

මේ විදුලිබල මණ්ඩලයෙන් සහ ඉන්ධන හල් වලින් පෞද්ගලිකව හෝ නිදහස් විය හැකි ක්‍රමයක්. හොඳම මෙන්ම ලාබම ක්‍රමය මහා පරිමාණ පුනර්ජනනීය බලාගාර, storage, පොදු ප්‍රවාහන ක්‍රම සහ ක්ෂුද්‍ර ප්‍රවාහනය (MicroMobility). නමුත් අපේ ප්‍රතිපත්තිමය වැරදි නිසා ඒ තත්ත්වය පේන තෙක් මානෙක නෑ.

මේ ප්‍රායෝගික විසඳුමක්, ලාංකික පවුලකට සතියක් තුල පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි.

අවශ්‍ය දෑ

විදුලි රථයක්, පාපැදි යක්, 5kW OffGrid inverter, 450W Solar පැනල අටක්, Nissan Leaf වල පාවිච්චි කර ඉවත්කළ බැටරි මොඩියුල කට්ටලයක්, BMS, වයර්, Switch gear ආදී හාඩ්වෙයාර් ද්‍රව්‍ය.

The CAR

Nissan #Leaf AZEO 🚗 A certified #EV.
Topmost G grade, Beige Trim, 17′ Rims, Good tires. Solar panel. Odometer: 70,000 KMs, Accident-free.
One-year limited warranty, excluding normal wear and tear.
LKR 3.0 million – up to 40 KM Range

LKR 4.3 Million – up to 150 Km Range

Can be fitted with a 40-kilowatt hour 🔋 battery if needed for up to 250 km range. But, be noted in Sri Lanka average daily driving distance is less than 25 km.

You may decide on lower grade EV s from LKR 2 Million upwards.

eBike

with 40 km range

LKR 65,000 upwards

Energy

Energy with 8 pcs 450W PV panels, 5 KW off-grid inverter, Second Life Nissan Leaf storage battery pack. One-year warranty. Up to 25-year warranty for PV Panels.
LKR 1,200,000

This setup will make an average Sri Lankan family 100% energy independent!
මේ වගේ සෙටප් එකක් සාමාන්‍ය ලාංකික පවුලක ගමනාගමන, Cooking සහ අනෙකුත් උපකරණ වල සියලුම බලශක්ති අවශ්‍යතා සපුරයි!

But, wait!

මේ තරම් සෙටප් එකකට යන්න ඉස්සෙල්ල අවශ්‍යතාවය හඳුනාගන්න. බලශක්තිය නාස්තිය අමතර වියදමක් වෙනවා, විශේෂයෙන්ම ක්ෂයවීම නිසා.

Off-grid system එකක අවශ්‍යතාව ගනණය කළ හැකි සරළම ක්‍රමය මාසික විදුලි බිල් මගින් පසුගිය මාස තුනක පරිභෝජනය දැනගන එහි මධ්‍යන්‍යය ගන්න. ඉන්පසු මෑත අනාගතයේ එකතුවිය හැකි ශක්ති අවශ්‍යතාවත් ගණනය කරන්න. උදාහරණ, විදුලි රථයක් මිලදී ගැනීම, වායු සමීකරණයක් සවිකිරීම වැනි.

දැන් ඒ මාසික අවශ්‍යතාව 110 න් බෙදන්න ( 1 kWp පැනල් ධාරිතාවකින් මසකට ජනනය වන දළ යුනිට් – kWh ප්‍රමාණය). එමගින් අවශ්‍ය සෝලා පැනල් ධාරිතාවය කිලෝ වොට් වලින් ලැබෙනවා. බැටරි ධාරිතාව තීරණය කිරීමට පැනල් ධාරිතාවය 2.75 න් වැඩිකරන්න. පැනල් ධාරිතාවයට සමාන හෝ ඊට මදක් වැඩි වන ලෙස ඉන්වර්ටර් එක තෝරගන්න.

උදාහරණයක්!

නිවසක බලශක්ති අවශ්‍යතාව ඒකක 200 ක් යයි හිතමු. එවිට 1.81 kWp පැනල ධාරිතාවක් අවශ්‍යවෙනවා. 450 W නම් පැනල 4 ක්. 2kW ඉන්වර්ටරයක් හොඳටම ප්‍රමාණවත්. අවශ්‍ය බැටරි ධාරිතාව 5 kW වියහැකියි. දළ වියදම රුපියල් ලක්ෂ 5 ක් පමණ (2022 පෙබරවාරි)

මෙහිදී සැලකියයුතු තවත් දෙයක් තියනවා. ග්‍රිඩ් එකෙන් අවම මිලට ලැබෙන යුනිට් 80 නොසලකා හරිය යුතු නැහැ. off peak අවස්තාවේ එය භාවිත කර රටට සේවයක් කරන ගමන් ඔබ කලයුතු ආයෝජනය අඩු කරගත හැකි වෙනවා, විශේෂයෙන්ම බැටරි ධාරිතාව. ඉහත උදාහරණයේදී ඔබේ ජනනය යුනිට් 200 ක් වුවත් ඔබ යුනිට් 300 කට ආසන්න බලශක්තියක් භාවිතා කරනවා, මසකට රුපියල් 1000 කට අඩු මුදලකින් (Grid සම්බන්ධතාව පවත්වාගැනීමට අවශ්‍ය ස්ථාවර ගාස්තුව සමග).

වැඩි විස්තර evsrilanka@gmail.com | whatsapp +94 70 700 7139 | https://mobility.lk/contact/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *