Skip to content

Buying a Bike?

පාපැදි ගන්න හිතනවද? තෙල් නැති කාලේ වැරදි ප්‍රවනතා අප ඉදිරියට ගෙනා Sustainable Cycling සංකල්ප අඩපණ කළා. පාපැදියට Upgrade විය යුත්තේ තෙල් නැති නිසා නෙමේ, ඔබේ සහ රටේ ආර්ථික සහ සමාජයීය දියුණුවටයි. ඇතැම් රටවල පදින කිමී ගානට පැදිකරුවාට මුදල් ගෙවනවා.

ඉන්ධන අර්බුද කාලේ කළ වැරදි තෝරා ගැනීම් ඇතැම් අයට පාපැදි එපා කළා. පාපැදිය කොපමණ හොඳ වුණත් වැරදි තෝරා ගැනීමක් පාපැදි විනෝදය අඩු කළ හැකි නිසා, ඔබේ පාපැදි දිවිය එතනින්ම නිමකළ හැකි නිසා.

මේ ප්‍රධාන කරුණු 10 ක් පමණයි. එමෙන්ම මේ කරුණු වඩාත් වැදගත් වන්නේ පාපැදි ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාවිච්චි කරන්න හදන අයට 👇

1. The Purpose / Need Analysis

ඔබේ අවශ්‍යතාව / භාවිතය හඳුනා ගන්න. එනම් දිනකට කිලෝමීටර් කීයක්ද සතියකට දවස් කීයක්ද? මොන වගේ පාරවල් වලද පැදෙන්නේ ආදිය. ඔබ පාපැදි ගමන් එන්ජෝයි කරන්න පටන් ගත්තොත් මේ හිතන දුරවල් වැඩිවෙන බවත් මතක තියාගන්න.

2. What type?

පාපැදි ප්‍රභේද ප්‍රධාන හතරක්. Road, MTB, Hybrid, Folding. සාමාන්‍ය එදිනෙදා වැඩට බොහෝවිට සුදුසු වන්නේ හයිබ්‍රිඩ් පාපැදියක්. ඔබ පදින්නේ පාරේ වුණත් අපේ පාරවල් එපමණ හොඳ නැති නිසා රෝඩ් bike භාවිතය අපහසුයි. එමෙන්ම වාහන තදබදය තුළ හැසිරවීමටත් එහි හැඩය බාධා ඇති කරනවා. MTB ඔබේ ශක්ති දහනය වැඩි කරනවා.

3. Do I need battery assist?

ඔය හැම එකේම Battery Assist variances තියෙනවා. කඳු සහිත පලාතක නම් බැටරි සහාය විශාල පහසුවක්. එමෙන්ම පාපැදිය ගන්නේ එදිනෙදා Utilities සහ වැඩට යන්න නම් බැටරි සහාය ඔබේ දවස ප්‍රීතිමත් කරනවා

4. Cost vs Investment

ඊළඟට වැදගත් කාරණයක් මිල. ඔබේ බජට් එක අනුව බ්‍රෑන්ඩ් එක තෝරාගන්න. මෙහිදී වඩාත් වැදගත් වෙන්නේ ඒවායේ තියෙන කොම්පොනන්ට්ස්. ඒවායේ තත්ත්වය කොලිටිය අනුව තමයි ඔබේ වින්දනය වැඩිවෙන්නේ. වෙන දෙයක් ණය වෙලා නොගත්තට ම පාපැදියක් ගන්න පොඩ්ඩක් ණය වුනත් කමක් නෑ, ඒ ඇයි කියලා කලින් කියලා ඇති.

5. Size do Matter!

තව වැදගත්ම කාරණයක් බයිසිකලේ ප්‍රමාණය, frame size එක. ඉන්ටර්නෙට් size chart refer කරන්න, ඔබ ගන්න හිතන brand එකේ website එකෙන්ම බලන්න. හැබැයි ඒ මදි, මිලදීගන්න එකේ ඉඳගෙන පුලුවන්නම් පැදලාම බලන්න.

Bottom bracket එකේ සිට Seat post එකට තියෙන උසම නෙමෙයි වැදගත්. Top tube දිග ටම ඔබේ කොඳු ඇට පෙළට අත්වලට ඇති අපහසුතාවට සෑහෙන්න බලපානවා. අපේ උස එකම වුණත් කකුල්වල දිග ටම වෙනස් වෙන්න පුළුවන්. ඔබ පදින දුර වැඩිනම් මේ ගැන වඩාත් හොඳ අවබෝධයකින් බයිසිකල් බලන්න, මෙය ඔබේ පහසුවට පමණක් නෙමේ සෞඛ්‍යයටත් බලපාන කාරණයක් නිසා.

6. What Wheels?

රෝද ප්‍රමාණය පාපැදියේ ප්‍රමාණය තීරණය කරන්නේ නෑ. හයිබ්‍රිඩ් පාපැදියක 700xC32 අපේ රටට හැම පැත්තෙන්ම හොඳයි. MTB 26, 27.5, 29 යන wheel සයිස් එනවා. 29 රෝද small frame size පාපැදියක තිබිය හැකියි.

ටයර් අරය ලොකු වෙද්දි ඔබේ හැසිරවීමත් වඩාත් සුහුරු විය යුතුයි. ටයර් පළල් වෙද්දි ප්‍රතිරෝධය වැඩි කරනවා ඔබ වඩාත් ශක්තිය වැය කල යුතු වෙනවා.

7. New or Used?

අලුත් බයිසිකලයක් ගන්නවද නැත්තං ලංකාවේ භාවිත කළ බයිසිකලයක් ගන්නවද එහෙමත් නැත්නම් used imported බයිසිකලයක් ගන්නවා ද යන්න ඔබ යම් අධ්‍යයනයකින් පසු, අදාල පාපැදි පරීක්ෂාවකින් පසු පමණක් තීරණය කරන්න.

8. Quality Matters!

අලුත් පාපැදි ගත යුතුයි කියලා අඩු ප්‍රමිතියේ කුණු වලට වලට රැවටෙන්න එපා. Chinese වුනත් ඇතැම් විට හොඳ බයිසිකල් තියෙනවා. වියදම් කරන ගාන වැඩිනම් අධ්‍යනයට කරන කාලයත් වැඩි විය යුතුයි. නැත්නම් වෙන්නේ ඔබේ cycling life එක ඉවර වීම.

9. Specifications.

ඔබේ riding experience එක එන්ජෝයිමන්ට් එක එන්නේ spec එක අනුව මිස ලස්සන හෝ ගැජට් නිසා නෙමෙයි. Handle style ආදියටත් අවධානය දෙන්න. MTB වල rear shocks ආදිය අපේ රටේ සාමාන්‍ය පාවිච්චියේදී වැඩක්ම නැති දේවල්.

10. Its a Synergy!

අලෙවිකරුටත් පාපැදි ගැන මෙන්ම ඔබේ අවශ්‍යතා ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. කඩේ තියෙන එක විකුණලා හෝ ඔබ හදිසිවෙලා අරගෙන හරියන්නෑ, පාපැදිය පදින්නා සමග බ්ලෙන්ඩ් විය යුතු එකක්.

There is more to know, visit our online shop https://mobility.lk/product-category/ebike/ to have an idea of the variants and other articles to know better.

Also, we have spoken of Road Safety, infrastructure, Energy management, etc as well. Check out the homepage under the respective categories.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *