Skip to content

කාර් සහ තෙල් අවුල

තෙල් මිල වැඩිද? ඒත් ලංකාව ඉන්ධන නිෂ්පාදන නොකරන රටවල් 42 අතුරෙන් දෙවනියට අඩුම fuel tax තියෙන රට.

අපේ ගෘහස්ථ වියදමෙන් ප්‍රවාහනයට 25.9% යනව. මේක ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන තුනටම වඩා වැඩියි (4.5%).

ලංකාවේ motorization පුද්ගලයින් දාහකට 257 ක්! මේක ලෝකයේ ඉතාම වැඩිම තත්ත්වයක්. ඒ වගේම අපි දරාගන්න බැරි වියදමකින් තමයි මේක කරලා තියෙන්නේ, ඒක පුද්ගල ආදායම ඩොලර් 3500 ට බැහැල තියෙද්දිත්. ඉන් තුන්කාලක්ම ත්‍රීවිල් සහ මෝටසයිකල්, ඒවත් කාර් වුනොත් රටට දැන් තියෙන පාරවලට වඩා දෙගුණයක් ඕන වෙනවා.

දැන් 80$ + තියෙන තෙල් බැරලයක මිල ඩොලර් පනහට බැස්සත් අපේ සම්පූර්ණ ආනයන වියදමින් 10% පාරේ පුච්චන ඉන්ධනවලට යනවා. දැන් තෙල් ආනයන මිල අනුව අපේ මුළු ආනයන වියදමෙන් භාගයකට වඩා වාහන සහ මාර්ග අලුත්වැඩියාව, ඉන්ධන ආදියට යනවා!!!

අපේ මුළු GDP එකෙන් 11% කට වඩා දැනටම අපි පාරේ පුච්චනවා. ඒ අපි පාරේ පුච්චන කාලයේ වියදම හැර! මේ තත්ව මත රට මළාට ගොඩ නොයන බව දැන දැනත් දැන් ආයි වාහන ගේන්නත් හදනවා 🤣

ඊයෙ සහභාගි වූ සමුළුවක ශ්‍රී ලංකා මහා බැංකු වාර්ෂික වාර්තා මත Prof. Amal S. Kumarage ඉදිරිපත් කළ කරුණු මතයි පෝස්ට් එක.

ලෝකය මේ තත්ත්ව දැනගෙන ගොඩක් කල්. ඒවා කරපු විධි වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි ඒ කිසිම දෙයක් කරන්නේ නෑ.

මේ ආගාධයෙන් රට ගොඩගත හැකි එකම ක්‍රමය ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් මත, Renewables energy මත Electrified Public Transport සහ MicroMobility දියුණු කිරීම මගින් පමණයි!

සමුළුව පැවැත්වුනේ ලංකාවේ ප්‍රවාහනයේ විදුලිකරණය පිළිබඳව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *