මේක e20 ගැන විවරණයක් නෙමෙයි, නමුත් අති විශේෂ දෙයක් කියන්නයි!
ලක්ෂ දාහතාමාරකට අලුතෙන්ම මේ කාර් එක වගකීමක් එක්ක ගන්නපුළුවන්. දොර දෙක වුනත් පස්ස සීට් එකේ දෙන්නෙකුට හොඳට ඉඩ තියනවා. පස්සට යන්න අමාරු නැහැ හැබැයි බහින්න ටිකක් ඇඹරෙන්න ඕනේ.
පෙනුම මේ ප්‍රමාණයේ අනෙක් කාර්වලට වඩා හොඳයි. නැනෝ එකක යනවට වඩා සැප පහසුයි, ආරක්ෂිත බවකුත් දැනුන. B එකට දැම්මම හොඳ පිකප්, ඉස්සර කරගන්න යන්තං ඇති. ළඟ හැරෙනවා, පාකින් ලේසියි. හැබැයි පැඩල් දෙක ළඟ වැඩියිද කොහෙද……
ලෝඩ් එකට කඳු අදිනවද කියලවත්, රේන්ජ් එක චෙක් කරන්නවත් වුනේ නැහැ. ඒසී බ්ලොවර් 1, 2, 3 ට දානකොට රේඩියෝ එකේ සද්දෙත් ඒ එක්ක වැඩිකරන්න වෙනවා. පොඩි පොඩි අඩුපාඩු තව තියනවා fit and finish එකේ, විශේෂයෙන් ඇණ සහ ප්ලාස්ටික් වල. කමක් නැහැ ඉතින් පෙට්‍රල් ඉස්ට්‍රයික් දවසට විසිල් එකක් ගහගන යන්න පුළුවන්.
වාහන ගනිද්දි නැවත විකුණුම් මිල ඔක්කොටම ඉස්සෙල්ල සලකන අයටත් මේක හොඳවෙයි, ටිකක් වැඩිපුර බැස්සත් ඒක අඩු ධාවන වියදමෙන් කැපෙන නිසා.
නමුත්, ප්‍රධානම දේ මේකයි.මේක තමයි එකම කාර් එක හදන රටටත් වඩා අපේ රටේ ගණන් අඩු! එච්චර විතරක් නෙමෙයි මේ ප්‍රමාණයේ අනෙක් ඕනෑම කාර් එකක් (ඇල්ටෝ, ක්විඩ්, Z100, පැන්ඩා) මීට වඩා මිළයි, සාමාන්‍යයෙන් විදුලි කාර් ICE කාර් වලට වඩා 50% ක් වත් ගණන් වැඩියි, ඉන්දියාවෙත් එහෙමයි!.
Cheers to buyers?