බස් කතාබස්

අද පානදුරේට යන්න ඕනවුනා, පාපැදිය preference එකවුනත් බයිසිකලෙන් නං උඹ මාව බලන්න එන්න එපා කියල අම්ම කියපු නිසාත්, ආපසු ගමන වෙන විදියක් නිසාත් ඔප්ෂන් හෙව්වා.

ගූගල් අක්ක කිව්ව කාරෙකෙන් පැයයි, ට්‍රාන්සිට් නං පැයකුත් විනාඩි තිහේ ඉඳන් හතළිස්පහ දක්වා.
ඌබර්කරනයේ මිල Zip නං රුපියල් 1,830. උද්ධමනය ඒකටත් බලපාල, මාස හයකට පෙර 1,300.
මං ටුක් ටුක් වර්ජනයේ.

ප්‍රතිපත්තිය සුනීත්‍ය සැරිසර නිසා ට්‍රාන්සිට් ඔප්ෂන් එක ගත්ත.
නරක නැහැ, පැලවත්තේ ඉඳන් පානදුරට පැය එකහමාරයි. මාරු සල්ලි නැතිව ගල්කිස්සේදී බස් මාරුවට ගිය විනාඩි දහයත් එක්ක. ඔක්කොම බස් හතරයි. මුළු වියදම රුපියල් සීයයි.

පෞද්ගලික කාබන්පාදය බැලන්ස් කිරීම මිල කල නොහැකියි. අතරමගදී ඩොකියුමන්ටරියක් බලල ඉවරකරගන්නත් පුලුවන්වුනා.

මෙලෝවැඩක් නැති හෙඩ්රෙස්ට් නැති ගාලු පාරේ ලංගම බස් එක ඔක්කොටම වඩා හොඳයි. Emergency exit එකත් තිබුනා, ලොක් පවා ක්‍රියාත්මකයි.
කර්ණකඨෝර සංගීතෙ නෑ, මග නවත්තං හිටියෙත් නෑ.

ටිකට් අනිවාර්යයි කිව්වට පව්ද්ගලික බස්වල ටිකට් තියා ඉතුරු සල්ලිවත් ආපහු ලැබුනේ නෑ.

ඔක්කොම බස්වල තිබිච්ච ලොකුම අඩුපාඩුව Half Puk Syndrome හැදෙන එක. මට ඉස්සරහ කාන්තාව ඉන්න හැටි බලන්න! මේ ලෙඩේ ගැන Charith Senanayake & Lalith Karunaratna දෙන්නම කලිං ලියල තිබුන.

ඉරිද නිසා ගමන චිල්, හොඳ පොදු ප්‍රවාහනසේවයක් හදන එක කැපවීම තියනවනම් ඉක්මනට පුළුවන්.
සියලු සැලසුම් තියනවා, ඇක්ෂන් මිසිං 🤔