Skip to content

නවීන ඩීසල් රථත් පිරිසිදු නැත!

අලුත් ඩීසල් වාහන පිරිසිදුයි කියල කියවුනාට ඒවා වායුගෝලයට එකතුකරන අපද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දහස් (1000) ගුණයකින් ඉහලයි. මේ අලුත්ම පර්යේෂණයක දත්ත (Link below).

මේ අංශු කෙලින්ම හදවතට බලපෑම් කලහැකිතරම්ම විෂ කාරී බව සොයාගෙන.

භයානකම දේ මෙම අංශු ඉතා ඉහල තත්වයේ යුරෝපීය වායු විමෝචන පරීක්ෂණ වලට පවා මගහැරෙන බව, මොකද මේවා වායුගෝලයට එකතුවෙන්නේ පෙරහන් පිරිසිදුකරන අවස්ථාවේ නිසා.

මේ ඉතා ඉහල වායු විමෝචන තත්වයන් (Euro 6) ඇති යුරෝපයේ තත්වය. අපි ගැන කවර කතාද, ඉන්දියාවේ තරම්වත් තත්වයන් (Standards) නැති.

ලංකාවේ ප්‍රධාන නගරවල විෂ වායු සහ අංශු ප්‍රමාණය ඉහල යාමටත් බලපාන්නේ රථවාහන, ඩීසල් බලාගාර සහ බැහැර ඇතිමුත් ගල් අඟුරු බලාගාර.

නමුත් අපි මොනවාද ඒ වෙනුවෙන් කරන්නේ…… කතාකරනව විතරයි ??

https://www.transportenvironment.org/…/new-diesels%E2%80%99…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *