Skip to content

බස් කාල පාලනය පොලිසියට?

නිවේදනයෙන් කියවෙන්නේ දුර ගමන් සේවා බස් රථ වල කාලය නිරීක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවෙන් කරන්න භාරගන්නා බවයි.

මේ සඳහා දැනටත් රජයේ ආයතන තියෙනවා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළුව විශාල සේවක සංඛ්‍යාවක් සහ නඩත්තු වියදමක් සහිතව.

ඊලගට පහුගිය දිනවල ප්‍රචාරය වූ ට්‍රැෆික් පොලිස් වීඩියෝවෙන් පැහැදිලි වෙන්නෙ පොලිස් නිලධාරීන්ව බස් වල රඳවා එමගින් රියදුරන්ගේ වැරදි නිරීක්ෂණය.

මේවා ලෝකයේ කොහේවත් නොකෙරෙන, එමෙන්ම ප්‍රායෝගික නොවන වැඩ. කලිනුත් සාර්ථක වුනේ නෑ. මාධ්‍යයට සහ ජනතාවට තාවකාලික උත්තේජන දෙන්න නම් හොඳයි.

Courtesy : මීට කලින් දැකලා නෑ තමයි

ප්‍රධානම ප්‍රශ්නය යෝජනා කරල තියන ක්‍රම මගින් ඔය වැඩේ වෙන්නෙ නෑ.
නමුත් පරමාර්ථ හොඳයි, එනම් බස් රථ වල අනිසි ධාවනය, නවත්වාගෙන නොසිටීම, වේගය, රියදුරන්ගේ හැදියාව ආදිය පාලනයයි.

එමෙන්ම බස් රථය කාලය සහ ශක්තිය නියම අන්දමින් ප්‍රයෝජනයට නොගැනීම ආදිය සහ තවත් හේතු නිසා බස් රථ හිමිකරුවන්ගේ වියදම පවා වැඩි වෙලා ඔවුන් ගාස්තු වැඩි කිරීමට පවා පෙලඹිලා තියෙනවා. එමෙන්ම ඔවුන්ගේ දියුණුවට පවා ඇති ප්‍රධාන බාධකයක් ඒක.

මේ සඳහා දැන් අතිශය නවීන එමෙන්ම වියදම අඩු තාක්ෂණික ක්‍රම තියෙනවා.
කාලය කළමනාකරණය පමණක් නොවෙයි එමගින් රියදුරාගේ හැසිරීම, බස් රථයේ තාක්ෂණික තත්ත්වයට වෙන හානි ඉන්ධන භාවිතාව, මාර්ග නීති උල්ලංඝනය මෙන්ම පොරොත්තු මගීන්ට බසය පැමිණෙන නියම වෙලාව පවා දැන ගැනීමට හැකියි.

නවීන තාක්ෂණය මගින් රියදුරා කරන සියලු වැරදි සාක්ෂි සහිතව වාර්තාගත කළ හැකියි, පසුවිපරම් ක්‍රම සහ දක්ෂතා ඇගයීම ක්‍රියාමාර්ග සහිතව.

මේ සඳහා දැනටත් පොලිසිය මගින් පාලනය වෙන සිසිටිවි පද්ධතියට පවා වැඩි දියුණු කිරීම් සහිතව සහාය විය හැකියි.

එමෙන්ම සෑම රියදුරෙකුට ම බස් රථයකට තමුන්ගේ වැරදි සහ අඩුපාඩු අනුව ලකුණු පුවරුවක් පවා සකස් කළ හැකියි, රියදුරාට සහ අදාළ සියලුම පාර්ශ්ව වලට දර්ශනය විය හැකි අන්දමින්.

ඒ ක්‍රියාමාර්ග කිසිලෙසක නොසලකමින් මේ කරන්න යන වැඩෙන් බලාපොරොත්තුව සාර්ථක වෙන්නෙත් නෑ. අපි වියදම් කළමනාකරණය, තාක්ෂණය, කාර්යක්ශම බව සහ ඵලදායිතාවය යන හැම පැත්තෙන්ම පහලට බැසීමක් පමණයි වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *