Skip to content

වායු විමෝචන සහතික

ඉඳහිට මතුවෙන, ආයිත් යටයන කතාබහක් තමයි, විමෝචන සහතිකය එහෙම නැත්නම් emission test එකේ තියන අඩුපාඩු, ඒක මුදල් ගසා කෑමක් ලෙස. එමෙන්ම emission test එක මුවාවෙන් විමෝචන ආයතන හිමියන් සහ ගරාජ් හිමියන් පවා වංචා කරන බව කියවෙන.

මේ ප්‍රවෘත්ති සහ post වල මෙන්ම ඒවාට වැටුනු අතිවිශාල කමෙන්ට් වල මූලික අරමුණක් බව පෙනුනා විමෝචන සහතිකය ප්‍රතික්ෂේප කිරීම සහ එයින් ගැලවීමට අවශ්‍ය තරම් නීති විරෝධී ක්‍රියාමාර්ග ඇති බව පෙන්වීම.

ලංකාවෙ අපි පරිසර හිතකාමී බව, ආශ්වාස වායුවේ පිරිසිදු කම, ගෝලීය උණුසුම වැඩි වීම, වනාන්තර ආරක්ෂාව ආදිය ගැන උදේ හවස කතා කළාට ඒ වෙනුවෙන් තම වාහන මත කළ යුතු අවමය වත් කරන්න ලෑස්ති නැහැ.

Emission Policy in Sri Lanka

With the GOSL looking towards accelerated industrial expansion as the main engine of future economic growth, maintenance of good air quality would be an added attraction for both foreign investors and tourists to consider Sri Lanka.
The national policy on air pollution abatement focuses mainly on Vehicle Inspection and Maintenance; Fuel Reformulation, Pricing and Fleet Mix; Emission Inventory, Monitoring, and Reduction; Standard Setting; Institutional Framework and Regulatory Compliance; Economic Instruments; Transport Planning and Traffic Management and Public Awareness. 
National Environmental (Air Emission, Fuel and Vehicle Importation Standards) RegulationsSri Lanka published the Mobile Air Emission Standards, Fuel Quality and Vehicle Specification Standards for importation in June 2000 under the gazette extraordinary No. 1137/11.
Based on the results of the Urban Air Quality Management Project, the Ministry of Environment & Natural Resources published revised standards for Mobile Emissions, Fuel Quality, and Vehicle Importation in its gazette extraordinary No. 1295/11 in June 2003.
In the present day, VET regulations (Air Emission, Fuel and Vehicle Importation Standards) which are followed by the amendment Motor Traffic Act on 2008 July 09 and Emission Testing and Certification are mandatory and tied to the issuance of the vehicle’s Annual Revenue License.
Excerpt from https://vet.lk/Policies.html

ලංකාවේ විමෝචන වායු ප්‍රමිතීන් සහ ක්‍රියාදාමය අතිශයින් යල් පැන ගිහින්. මුලින් සුළු වෙනස්කම් වලට භාජනය වුනත් 2014 වසරෙන් පසු යාවත්කාලීන වී නෑ. මේ ප්‍රමිතීන් ගෝලීය තත්ත්වයන් තබා අවම වශයෙන් යාබද ඉන්දියාවේ තත්ත්වයන් ගෙනුත් බොහෝ පහළ මට්ටමේ. මහජනතාව පමණක් නොවේ, විමෝචන ආයතන හිමියන් සහ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය ආයතන මේ තත්ත්වය නිවැරදි කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී ක්‍රියාමාර්ග අරගෙන නැහැ.

Source: Vehicular Emission Test (VET) Trust Fund under DMT

වාහන හිමියන් රජය සහ විමෝචන ආයතන හිමියන් යන පාර්ශව තුනම බලන්නේ තමන්ගේ වාසිය සහ ලාභ ප්‍රයෝජන. ඊළඟට විශාල මතවාදයක් ගොඩ නඟාගෙන යනවා ජනතාව සහ රජය පාර්ශ්වයෙන් දැනට පවතින ක්‍රමවේදත් අවලංගු කරන්න.

දැනට පවතින ක්‍රමවේදයේ අති විශාල අඩුපාඩු තියෙන බව සත්‍යයක්. එමෙන්ම මේ ආයතන දෙක ක්‍රමවේදය පවත්වාගෙන යන්නේ නඩු තීන්දුවක් මත, ඔවුන්ගේ ගිවිසුම්ගත කාලය අවසන් වුණත්.

මේ ආයතනවල ඇති උපකරණවල නිරවද්‍යතා ගැනත් පැමිණිලි තියනවා. එමෙන්ම ඒවා සුසර කිරීම පිලිබඳ තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවි වල සොයාගැනීමට නොහැකිවුනා.

https://www.facebook.com/uthpala.maheekantha/posts/pfbid0TWbL81q42B493Jap9mHKToA1J8KcacpHBXdmRGMnZenxfdGvvqTF7Er87GiYyYqjl?

ක්‍රමවේදයේ කොපමණ අඩුපාඩු තිබුණත් කළ යුතු එය අවලංගු කිරීම නොවෙයි. ගෝලීය ප්‍රමිතීන් සහ අනාගත නිර්ණායක මත නව ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රමවේද සම්මත කර තරගකාරී තත්ත්වයන් යටතේ ආයතන පහක් පමණවත් පත්කර මේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම.

එමෙන්ම විමෝචන නිරීක්ෂකයන් සහ පරිපාලකයන් ප්‍රවාහන ව්‍යාපාර හෝ අලුත්වැඩියා ව්‍යායාපාර හිමියන් නොවිය යුතුයි. මෙවැන්නක් අතිශය වැරදි ක්‍රියාමාර්ග වලට මුලපිරීමක් වියහැකියි.

මූලිකම අවශ්‍යතාවයක් මේ ක්‍රමවේද සහ බදු තුළින් අය කෙරෙන මුදල් රටේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙන අරමුදලකට බැර කර සුදුසු සහ අනුමත ක්‍රියාමාර්ග සඳහා යෙදවීම. නැතිනම් මෙයින් බලාපොරොත්තු වෙන කිසිදු අරමුණක් ඉටු වෙන එකක් නැහැ.

මේ පිළිබඳව කතා කළ යුතු තවත් බොහෝ දේ තිබුණත් මේ ටික කිව්වෙ මේ දිනවල මතුවුන කරුණු නිසා මෙන්ම ඔබත් මමත් මමත් ආඝ්‍රාණය කරන වායුව වසරකට රුපියල් බිලියන 800 වන අපේ සෞඛ්‍ය වියදමෙන් විශාල කොටසකට වගකියන නිසා.

Update

On September 22 of 2022 DMT says they have some fresh hopes, but no improvement to the standards announced! Not even a plan to introduce a system to let us breathe better air!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *