පරණ ලීෆ් වලට බැටරි

බැටරි කොච්චර හිඟයි කිව්වත් 2020 පෙබරවාරි මුල සති දෙකට විතරක් අලුතින් ලංකාවට ආපු බැටරි හතරක් විතර මාරුවෙලා තියනවා. ඔක්කොම වගේ SOH 80% න් උඩ. පින්තුරේ ඊයේ මාරුකරපු එකක්.

නමුත් කළුකඩේ මිල ප්‍රශ්නයක්, ගෙන්වන ක්‍රමය නීත්‍යානුකුල කරගන්නකන්.  බොරු නීතිය අහක්වුනොත් බැටරි මිල අඩු වෙයි. ඒ වුනත් කිලෝමීටර් ලක්ෂයක් EV එකක් දුවපු කෙනෙක්ට මිලියනයක් දීලා බැටරියක් දැම්මත් පෙට්‍රල් කාරෙකක් දිව්වට වැඩිය තව මිලියනයක් විතර ලාබයි.

නමුත් මුල් බැටරියෙන් කිලෝමීටර් ලක්ෂ දෙක පහුකරලා දුවපු ලීෆුත් ලංකාවෙ තියනවා. ඉතිරිය කාරෙක අලුතෙන් ගත්තු ගානටත් වැඩියි.

මේ ගණන් හැදීම විකුනන්නම බලාගන ගන්න අයට සහ ICE අදහන්නන්ට දිරවන්නේ නැහැ. ඔවුන්ගේ තවත් තර්කයක් එන්ජිමක් රෙපයාර් කරන වියදම වගේ කීප ගුණයක් බැටරියට යන බවයි. නමුත්  බැටරිය සමාන කලයුතු එන්ජිමට නොවෙයි, ICE ඉන්ධන ටැංකියට. 

එන්ජිමට සමානවෙන්නේ මෝටරය. ඉන්ධන ටැංකිය හිස් වෙනවා වගේ තමයි අවුරුද්දකට 5% විතර වෙන (AZEO වල) ක්ෂයවීම. මාරුකිරීම කියන්නේ ටැංකිය පිරවීම, වෙනස වාරගණන. දැන්මේක මත තර්ක ගේන්න  ඉස්සෙල්ල හොඳට හිතල බලල ඉන්න.

රුපියල් ලක්ෂ තිහට ගත්තු EV  එකක් ලක්ෂයක් දුවල දහයට වික්කත් අඩුවෙච්ච් විස්ස ටැංකිය පුරවන්න යන ගානෙන් ඉතුරුවෙලා. අයිස් වල නඩත්තු වියදම් පැත්තකට දැම්මත්.

හැබැයි මොඩියුල් මාරුකරන වැඩේට අහුවෙන්න එපා, ලංකාවේ දැනට හොඳ මොඩියුල් නැහැ. සෙල් නං කොහොමත් මාරුකරන්න ලංකාවේ දැනට තාක්ෂනය නැහැ. 

පාවිච්චි කරපු EV (ලංකාවේදී නම් ලීෆ්) ගන්න කෙනෙකුට දෙන්න තියන හොඳම උපදෙස, තමන්ට අවශ්‍ය දිනක රේන්ජ්  එකට වඩා 20% කට වැඩි කාරෙකක් ගන්න. අවුරුදු දෙකක්වත් දුවන්න පුලුවන්වෙයි හරි ක්‍රමයට පාවිච්චිකලොත්. අමතක කරන්න එපා විදුලි රථ හැම කෙනාටම, හැම අවශ්යතාවයටම තවම නොගැලපෙන බව, ඉන්ධන රථ වුනත් එහෙමයි.

අඩුවට කාර් අරං බැටරි දාන්න හොයන එක වගේම ඉස්සෙල්ල බැටරිය හොයල පස්සේ ලීෆ් ගන්න ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමය අවශ්‍යතාවයට ගැලපෙන රථයක් ගැනීම.

දෙමුහුං ලීෆ්

මේ කෑල්ල පස්සේ එකතු වෙන්නේ 2021 අප්‍රියෙල්.

හයිබ්‍රිඩ් 2030 සිටම ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කෙරෙන ක්‍රමවේදයක්, ඉන් වෙන පරිසර හානිය නිසාම. ලංකාවේ ඇති යල්පැනගිය විමෝචන වායු පරීක්ෂණ වලින් නම් වෙන දෙයක් නැහැ. නමුත් පැරණි hybrid වාහන වල ධාවන වියදම සහ විමෝචන වායු හානිය සාමාන්‍ය ඉන්ඩන වාහනයකට වඩා වැඩියි.

එමෙන්ම මේ පරිවර්තනය කරන අයගේ පරමාර්ථය ලීෆ් වලින් න්බලාපොරොත්තු නොවිය හැකි දෙයක් ලබාගැනීම. ඒක කොහොම වෙතත් වෙන්නේ ඒ රථ වසර දෙක තුනක් තුලදීම පාරෙන් ඉවත්වීම.

නීතිමය තත්වය වෙනම දෙයක්, ඒක මෙතන සාකච්චා කෙරෙන්නේ නැහැ. කොහොම වුනත් වාහන දාහක් අයිතිකරුවන්ගේ උවමනාවට මුළු රටකට ම සමාජයකටම දීර්ඝ කාලීනව බලපාන තීරණ බුද්ධිමත් රජයකින් ගැනෙන්නේ නැහැ.

විසඳුම?

රජයට කළ හැකි දේ නම් බැටරි අවශ්‍ය අයට ආනයනය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම, ඒකෙන් කළු කඩේ කැඩෙනවා. දැන් තියන පාවිච්චිකළ බැටරි මිලට ආනයන බාධා තමයි විශාලම හේතුව. ඒත් මිලියනයකට 24kWh බැටරියක් දාල කිලෝමීටර් 50,000 දිව්වත් එන්ජිමක් දැම්මට වැඩිය කොහොමත් ලාබයි. එන්ජිම දාල දහදාහක් දුවනකොට කරපු මෝඩකම කියල හිතෙන එක වෙනම කතාවක්.

තවමත් දශකයක් පමණක් පැරණි වන traction battery තාක්ෂණය අනුව කිලෝවොට් පැයක මිල ඩොලර් සීයේ සීමාවට එන්න තව වසර දෙකක් පමණ ගත වෙනවා, ඊට වැඩිය ගෙවන්න අකමැති නම් එතකං කෙටි දුර ධාවනය කරන්න පුළුවන්. ලංකාවේ තියෙන පෞද්ගලික කාර්වලින් 80% ක ධාවනය දවසකට කිලෝ මීටර් 30 ක ට අඩුයි.

බැටරි ප්‍රශ්නේ ගැන තව දැනගන්න ඕනනම් මේකත් කියවන්න. https://mobility.lk/2019/08/17/big-battery-bang/

2 thoughts on “පරණ ලීෆ් වලට බැටරි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *