Skip to content

ලාංකීය ඉන්දීය නිෂ්පාදන ආර්ථික!

ගෝලීය තත්ත්වයට ටෝච් බැටරියක් හදාගන්න බැරි රටක ඉඳන් electric කාර් ත්‍රීවීල් මෝටර් සයිකල් නිෂ්පාදනයට යන්න හදන ලාංකික ආයතන සැලකියයුතු, නමුත් හිතා මතා අමතක කළ අතිවිශේෂ කරුණු තියනවා. මේ ගැන පෙර කිහිපවරක් දක්වපු හේතු ලිපියේ අග. මේ නව තොරතුරක් මත.

ඉන්දියා EV බැටරි සහ කාර්

සුසුකි මෝටර් සමාගම ඉන්දියාවේ ආයෝජනය කරනවා ඉන්දීය රුපියල් කෝටි 7,300 ක් EV බැටරි පර්යේෂණ සහ නිෂ්පාදන ආයතනයක් පිහිටවන්න. ඒ වගේම කෝටි 11,000 ආයෝජනය කරනවා අවුරුද්දකට වාහන මිලියනයක් නිපදවන කර්මාන්ත ශාලාවකට. ඒ ගණන් මුල් අදියරට පමණයි!

ගෝලීය නිෂ්පාදන ආයතන ඉන්දියාවට යන්නේ ආර්ථික ශක්‍යතා මත, ඒ scale එකත් එක්ක ගැටෙන්න ලංකාවට compitencies නෑ ඉන්දියාව චීනේ විතරක් නෙමේ බංග්ලාදේශය වුණත් එච්චරයි.

අපේ competencies නිෂ්පාදන ආර්ථිකයකට නෙමේ තියෙන්නෙ සේවා ආර්ථිකයකට. කොහොම හරි, මෙහෙම හරි පටන් ගමු කියල හදන කිසිදු ප්‍රමිතියකට නැති රථ sustainable නෑ. ඒව හඳුන්වන්න වෙන්නේ ව්‍යංගයෙන් එන ආනයන බදු මගහැරීම් විදියට!

නමුත් නිශ්පාදනය කරනවා නම් ඉන්දියාවේ වගේ මහා පරිමාණ නිෂ්පාදන ආයතන වලට අවශ්‍ය අමතර කොටස් manufacture වලින් පටන් ගන්න පුළුවන්. අපිට control unit එකක් PCB එකක් හදලා ඉන්දියාවට අපනයනය කරන්න පුළුවන් වෙච්ච දවසට තමයි කියන්න පුළුවන් වෙන්නේ අපි දේශීය නිෂ්පාදනය කියලා කරන්නේ බදු වංචාවක් නොවන බව!

දැනටත් එහෙම කරන ආයතන කීපයක් තියෙනවා අපිට quantity වලට බැරි උනත් කොලිටි market වලට යන්න පුළුවන්. වාහන වුනත් Niche market වලට අපිට යන්න පුළුවන් වෙයි. Vega එහෙම ව්‍යාපෘතියක් තවමත් සාර්ථක නොවුනත්!

Suzuki Motor Corporation on Sunday announced the setting up of a new research and development (R&D) center in India.

This comes even as Prime Minister Narendra Modi laid the foundation stone for an electric vehicle battery manufacturing plant of the company at Hansalpur in Gujarat. During an event at Mahatma Mandir in Gandhinagar on Sunday, Modi laid foundation stones for the EV battery unit at Hansalpur and Maruti Suzuki’s upcoming manufacturing plant in Kharkhoda, Haryana. The facility at Hansalpur will be set up with an investment of around Rs 7,300 crore. It would manufacture advanced chemistry cell batteries for electric vehicles.

On the other hand, the vehicle manufacturing facility in Kharkhoda, Haryana, will have the potential to make one million passenger vehicles per year. This would make the unit one of the largest passenger vehicle manufacturing facilities at a single location in the world.
The first phase of the project will be set up with an investment of over Rs 11,000 crore.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *