Skip to content

මග මරණ නවතීද?

රිය ගැටුම්වලින් 2023 වසරට 3,000 ක් මරණයට පත්විය හැකි බවට ප්‍රකාශ වෙනවා, ඒ ඩෙංගු මරණ 100 පමණක් වෙද්දී. 2023 වැඩිපුරම මරණයට පත්වුණේ පදිකයො. ලොකුම හේතුව භයානක හෝ නොසැලකිලිමත් රිය පැදවීම. ඊළඟට මාර්ග නීති කැඩීම.

ප්‍රවාහන අමාත්‍යංශයේ මුලිකත්වයෙන් 2023 Sep 27 පැවැත්වුන සමුළුවකදී කියවිලා අනතුරු දත්ත. වසර 20 තුළදී මෙරට රථවාහන අනතුරු හේතුවෙන් පුද්ගලයන් 60,000 ක් මරණයට හා 400,000 ක් ආබාධිත වන බවත්, ඒ හේතුවෙන් රුපියල් බිලියන 200ක් රටට අහිමි වන බවත් ඒ අතර.

නමුත් #NCD එනම් වායු දුෂණය නිසා ඇතිවන බෝ නොවන රෝගවලින් මියයන සහ රෝගාතුරවන අය නිසා ඇතිවන ජාතික ආර්ථික හානිය පිලිබඳ ගණනය කිරීම් නෑ!

මහාමාර්ග වල වාහන ගැටුම් අනතුරු ලෙස හැඳින්විය නොහැකියි. මේවා ඇත්තෙන්ම ගැටුම්, ඒවා වැළක්විය හැකියි. ගැටුම් වැලැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග ලෙස e-Traffic සහ e-Monitoring systems ගැන කියවුනා. නමුත් යම් Prevention ක්‍රියාදාම එහි තිබුනත් බොහෝදුරට Reactive measures ලෙසයි හැඳින්විය හැක්කේ.

ජාතික ආර්ථික සහ සෞඛ්‍ය වියදම් ආවරණය වීමේදී පිරිසිදු වායුගෝලය අතිශයින් වැදගත්. යල්පැනගිය වායු විමෝචන ක්‍රමවේද එහිදී සාකච්චාවට භාජනය නොවීමත් විශාල ප්‍රශ්නයක්!

ගැටුම් වළක්වීම් බොහෝදුරට ආවරණය විය යුතු ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් තුලින්. ප්‍රතිපත්තිමය පිවිසුමකින් පමණයි රටට අවශ්‍ය විසඳුම ලැබෙන්නේ සහ ආකල්පමය වෙනස වෙන්නේ!

අදාළ ප්‍රවෘත්ති සහ ජාතික ප්‍රතිපත්ති, වායු විමොචන් ප්‍රතිපත්ති ගැන පෙර සටහන් පහතින්.

Daily News – 29.09.2023

The Government of Sri Lanka has noted prevention and management of injuries as a priority area for action in view of the growing trend of road traffic injuries over the past few weeks.

Hence, the Ministry of Health has taken over responsibility to develop the national policy and strategic framework on injury prevention and management with input from officials of the Road Development Authority (RDA) and Sri Lanka Police, and other related experts plus, stakeholders involved in accident mitigation. 

A workshop to make the public aware of said progressive approaches was held today (September 27, 2023) at the Sri Lanka Foundation Institute.

The conference further focused on incident management which determines the main procedures after an accident. The importance of basic first-aid knowledge referring to preserving life, reducing pain or minimizing consequences of injury, preventing future disease or injury, and fostering recovery was also brought to the fore.

Besides, greater importance will also be attached to the establishment of the Presidential Task Force particularly to road safety management. State Minister Alagiyawanna was of the view that road safety is a shared responsibility and broached the subject of developing the proposed demerit points system without delay. 

Furthermore, an e-monitoring system tailored for motor vehicle importation and an e-traffic policy aimed at traffic safety assessment with the assistance of Road Development Authority (RDA) and Sri Lanka Police will be brought up to minimize road traffic accidents and ensure road safety.

අද පුවත්පත (28/09/2023)

ඉදිරි වසර 20 ක් තුළ ‘පාරේ මැරෙන’ ගණන 60,000ක්! තවත් 400,000 ක් ආබාධිත වීමේ අවදානමකුත්, රටට අහිමිවන මුදල රු.බිලියන 200ක්. මේ බරපතළ අවදානම ගැන ජනපතිවරු තිදෙනෙකුට කරුණු කිව්වත් අවම ක්‍රියාත්මක වීම් පවා සිදුවූයේ නෑ. – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, වෛද්‍ය සමත් ධර්මරත්න

2023 රිය අනතුරු 16,496කින් මියගිය ගණන 1,539ක්ර. – රථවාහන මූලස්ථාන නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ

පවතින තත්ත්වය මත ඉදිරි වසර 20 තුළදී මෙරට රථවාහන අනතුරු හේතුවෙන් පුද්ගලයන් 60,000ක් ප මරණයට හා 400,000ක් ආබාධිත තත්ත්වයට පත් වන බවත්, ඒ හේතුවෙන් රුපියල් බිලියන 200ක් රටට අහිමි වන බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පැවති වැඩමුළුවකදී අනාවරණය විය.

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කිර්ම සඳහා කොළඹ පදනම් ආයතනයේදී පැවති මෙම සමුළුවට එක්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, වෛද්‍ය සමත් ධර්මරත්න මහතා අවධාරණය කර සිටියේ, මෙම තත්ත්වයට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් කඩිනමින් ස්ථාපිත කළ යුතු වන බවයි.

එසේම උද්ගතව ඇති මෙම බරපතළ තත්ත්වය පිළිබඳ පසුගිය සමයේ බලයට පත් වූ ජනාධිපතිවරුන් තිදෙනෙකුට දන්වා කරුණු පැහැදිලි කර තිබුණද, එම කිසිවෙකු යටතේ ගැටලුවට අවශ්‍ය විසඳුම් ඉදිර්පත් කිරීම සඳහා අවම වශයෙන් ක්‍රියාත්මක වීම් හෝ සිදු නොවූ බවටද මහාචාර්යවරයා එහිදී චෝදනා කර සිටියේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙරට සෞඛ්‍ය පිරිවැයෙන් 10%ක අගයක් රථවාහන අනතුරු ප්‍රතිකාර සඳහා වැය කරන බවයි. ඒ අනුව එය අනෙකුත් රෝගී අංශ සඳහා වැය කිරීමට ඇති මුදල් අවම වීමට හේතුවක් වී ඇති බවද පෙන්වා දුන් මහාචාර්යවරයා, ඉන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවද සඳහන් කළේය.

සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ පෙන්වා දෙන පරිදි මෙරට තුළ සෑම මිනිත්තු 10කට වරක් රිය අනතුරක් සිදුවන අතර, රථවාහන හා මාර්ග ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාර්න් 8,906 දෙනෙකු යොදවා ඇත.

මේ අතර අගෝස්තු 31වැනිදා දක්වා වූ මෙම වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා රිය අනතුරු 16,496ක් සිදුව ඇති අතර, එහිදී පුද්ගලයන් 1,539 දෙනෙකු මරණයට පත්ව තිබේ. එසේම එම අනතුරුවලින් 1,452ක් මාරක අනතුරු වන අතර, 4,210ක් බරපතළ අනතුරු ලෙස වාර්තා වී තිබේ.

කෙසේවුවද, මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 18-28 අතර තරුණ වයසේ පසුවන්නන් වන බව රථවාහන මූලස්ථාන නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පෙන්වා දුන්නේය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, යතුරුපැදිකරුවන් 482ක්, පදිකයන් 469ක්, මගීන් 181ක්, පසුපැදිකරුවන් 141ක්, රියදුරන් 106ක් සහ වෙනත් පුද්ගලයන් 09දෙනෙකු අදාළ කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.
මීට අමතරව අනතුරු 1,174ක් මාර්ග නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් සිදුව තිබේ. එහිදී මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 50කි. එසේම අන්තරාදායක ලෙස රිය පැදවීම හේතුවෙන් අනතුරු 8,407ක් සිදුව ඇති අතර, එහිදී 970 දෙනෙකු මියගොස් ඇත.

එසේම බීමත්ව රිය පැදවූවන් අත්අඩංගුවට ගැනීමේදී වාහන කාණ්ඩ වශයෙන් ගත් කළ යතුරුපැදි 40,373ක් සහ ත්‍රිරෝද රථ 6,265ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *